top of page

මම ගැන

ඇත්තටම කියනවා නම් මම වෘත්තිය ඡායාරූප ශිල්පියෙක්වත් එහෙම නැත්තං වෘත්තිය මට්ටමින් සංචාරක කටයුතු වල සම්බන්ධ වෙන  කෙනෙක් නෙමෙයි. එත් මම ආසයි ලංකාව පුරාම ඇවිදගෙන යන්න. ලංකාවේ ලස්සන විඳ ගන්න. උරුමය ගැන සොයන්න. ඉතිං මම ගොඩක් වෙලාවට නිවාඩුවක් ලැබුණම කොහේ හරි අවිදින්න යනවා. තනියම නම් නෙමෙයි ගොඩක් අය මා එකක සමබ්න්ධ වෙනවා. මම ඒ අයත් එක්ක විනෝද වෙන ගමන් සින්දු කියන ගමන් වටපිටාව ගැන දැඩි විදියට අවධානය යොමු කරනවා. මම ඡයාරූප ශිල්පය ගැන තවමත් හදාරනවා. බොහෝ දේවල් ඉගෙන ගන්වා ඒ අතරනි සංචාරක ඡායාරූප කරණය වනජීවි ඡායාරූපකරණය, ස්වභාවදහම් ඡායාරූපකරණය විෂයන් වලට ආසයි. ගොඩක් වෙලාවට මම ඒ ගැන හොයනවා. බලනවා. මුණු පොතේ උනත් වැඩියෙන්ම හොයන්නේ ඒ ගැන. ඒ විෂයට අදාලව ඡායරුප ගන්න ඉතිං ඇවිදින් ඕනේනේ. එතනදි මම ගොඩක් වෙලාවට මගේ මිතුරන් එක්ක ඇවිදින්න යනවා. ඒ විදියට ගිහාම ඒ වෙච්ච දේවල් දැකපු දේවල් ලියන්න මම පුරුදු උනා. ගොඩක් අය කිව්ව බ්ලොග් එකක් ලියන්න කියලත්. මම ඉතිං ඒ වැඩෙටත් බැස්ස. මම හිතනවා මම කියන දේවල් බලලා ඔයාලත් සතුටු වෙයි කියල. ඒ වගේම මේ තැන් වලට යන්න හිතෙවා නම් පරිසරය විනාශ නොකර රස විදින්න බලන් ඇවිදින්න යන්න.

 

මම මධුරංග ප්‍රසාද්.

madurangantc@gmail.com

IMG_2506.JPG
bottom of page