(දේදුගල)
දේදුගල කිව්වම නම් ගොඩක් අයට නුහුරුනමක් තමයි. ඒත් නම අහනකොට දැනෙන සෞන්දර්යාත්ම බවකුත් තියෙනව නේද. කෙටියෙන්ම කියනවානම් දේදුගල කියන්නේ ස්වභාව සෞන්දර්ය අතින් ඉහල වටිනාකමක් තිබන තැනක්. තවත් ටිකක් පැහැදිලි කරනවානම් දියඇලි කිහිපයක් තියෙන සුන්දර ගම්මානයක්. තවත් ටිකක් පැහැදිලි කරනවම් නුවරඑළියට යන්නෙ නැතුව ඒ අශ්වාදය ලබා ගන්න පුලූවන් තැනක්.
මේ ගමන යන්නෙ කොහෙමද කියනවා නම්, මුලින්ම බුලත්කොහුපිටියට එන්න වෙනවා. එතන ඉදල දේදුගල මාර්ගය ඔස්සේ 3Km විතරය ගියාම හරි. ඒ පාරෙ දිය ඇලි කිහිපයක්ම තියෙනවා. දිය ඇලි දෙකක්ම පිහිටල තියෙන්නේ පාර අයිනේ නිසා පහසුවෙන්ම දැකබලා ගන්න පුළුවන්. නලගන ඇල්ල තමයි 500m විතර ඇතුලට යන්න වෙන්නේ.
මැදින් නලගන ඇල්ල ගැන කිව්වට මුලින්ම හමුවන්නේ රිකිලි ඇල්ල. රිකිලි ඇල්ල හම්බ වෙන්න බුලත්කොහුපිටියේ ඉදල 5km විතර දේදුගල පැත්තට එනකොටයි. දිය ඇල්ල අඩි 90ක් පමණ වන සිහින් දිය ඇල්ලක්. සමහර වෙලාවට දියඇල්ලේ වතුර පාර අඩු උනාම ප්‍රධාන දියපහරවල් දෙකකට වෙන් වෙලා තමයි පේන්නේ.
රික්ල්ල ඇල්ල ඉදල නලගන ඇල්ලට තියෙන්නේ 2.5 Km විතර ඇතින්. බෝඞ් එකක් ගහල තියෙන නිසා සොයා ගන්න අමාරු නැ. බෝඞ් එක ලග ඉදල මිටර් 500 විතර ගියාම මේ සුන්දර දිය ඇල්ල හමුවෙනවා. මේ දිය ඇල්ල අඩි 40ක උසින් යුක්ත වනවා. රිටිගහ ඔයෙන් තමයි දිය ඇල්ල නිර්මාණය වලා තියෙන්නේ. කාන්තාවකගේ සාරිපොටක ආකාරයෙන් ඇදහැලෙන නිසා මේ ඇල්ල නලඟන ඇල්ල ලෙසින් හදුන්වනවා. සුන්දරයි වගේම භයානක දිය ඇල්ලක් නිසා නාන්න නම් හිතන්නවත් එපා.
මීලගට හමු වන්නේ රුක්මල් ඇල්ල. නලගන ඇල්ල ඉදල 3.3 Km පමණ යනකොට පාර අයිනෙමයි මේ දිය ඇල්ල පිහිටල තියෙන්නේ. මේ දිය ඇල්ලේ උස නම් ටිකක් අඩුයි. මීටර් 10 ක් විතර තමයි උස. උස අඩු උනාට සුන්දත්වයෙන් නම් අඩුවක් නැ.
දැං ඉතිං දිය ඇලි නම් ඉවරයි. දිය ඇලි ඉවර උනාට බලන්න තියන සුන්දරත්වය නම් ඉවර නැ. 1970 දශකයේ පමණ වන තෙක් නගරයක් බවට පැවතිලා තිබෙන දේදුගල වර්ථමානයේ ගමක් බවට පත්වෙලා තියෙනවා. ඊට හේතුව තමයි වතු ආර්ථිකය බිඳ වැටීම. දේදුගල ලස්සන බලන්න නම් මෙතන සිට 7 Km විතර යන්න ඕනෙ. තැනිතලා මාර්ගය කඳු සහිත මාර්ගයක් වන්නේ මෙතැන් සිටයි. එක පාරටම වහිනවා එක විටම පායනවා. එකපාරටම මිදුමෙන් වැහෙනවා. පාරදිගේ යනකොට එක පාරටම හිතෙන්නේ නුවරඑළිය පැත්තට ආවා කියල. කැලැ පාරවල් මැදින් යනකොට හිතෙන්නේ මීමුරේ වගේ කියල. වංගු ටික දැක්ම නන්පෙරියල් මතක් වෙනවා. කන්ද මුදුනටම ගියාම සිරිපාදයත් ලස්සනට දැක ගන්න පුලූවන්.
ස්වභාව සෞන්දර්ය අතින් ලස්සන දිය ඇලි වගේම කුරුල්ලො ගොඩක් දැක ගන්නත් පුලූවන්. ඒ වගේම මල් වර්ග ශාක විවිධත්වය මෙහි අපුරුවට විඳගන්න පුළුවන්. තවමත් වැඩි දෙනෙකුගේ අවධානයට ලක් වෙලා නැති නිසාද මන්ද පරිසරයට කිසිම හානියක් වෙලා නැ. මේ ගමන පරිස්සමින් යන්න පුළුවන් නම් යතුරුපැදිය තමයි උචිත වන්නේ. අයෙත් කියන්නම්, හැබැයි පරිස්සමින්.
නියමයි අයියා. දිගටම ලියන්න. හොද පොටෝ ටිකක් දැම්මනම් තව රස වැඩිවෙයි. ජය !!