top of page
Writer's pictureMaduranga Prasad

03. යාල්පානමෙන් ඩෙල්ෆ් දිවයිනට

Updated: May 27, 2020



අපි හැමෝටම යාපනේ යනව කියන්නේ ඒ තරම් දෙයක් නෙමෙයිනේ. එහෙම ගියත් අපි බොහෝ විට යන්නේ හැමෝම යන තැන් වලට. ඒ අතුරින් ලබා ගෙන්න පුලූවන් ඉහලම අශ්වාදජනක තැනක් තමයි යාපනේ පිහිටල තියෙන දුපත්. වැඩිම අපි උපරිම උනොත් අපි යන්නෙ නාගදීපයටනේ. හැමෝම යන්නේ නාගදීපයට නිසා වෙනසකටත් එක්ක ඩෙල්ෆ් යන්න ලැබුණොත් කොහොමද. ඩෙල්ෆ් දුපතට යනවනම් ඉතිං දවසක් ඉන්න බලං යන්න ඕනේ. මේ දිවයින සුන්දර ස්ථානයක් විතරක්ම නෙමෙයි. ඓතිහාසික වශයෙන් වටිනා ස්ථාන කිහිපයකුත් තියෙනවා.


ඩෙල්ෆ් දුපත වර්ග කිලෝමිටර් 43ක වපසරියකින් යුක්ත වනවා. වට ප‍්‍රමාණය ගත්තොත්ත් කිලෝමීටර 27ක්. මේ ගමන පටන් ගන්නේ යාපනයේ සිට කිලෝමීටර් 33 දුර ගෙවාගෙන ඇවිත් කුරිකඞ්ඩුවාන් ජැටිය වෙතට (කුරිකඞ්ඩුවාන් කියන්නේ අපි නාගදීපය යනකොට පාවිච්චි කරන ජටියමයි.) ආවමයි.



එතැන් සිට ගමන ඇත්තේ බොට්ටුවෙන් තමයි. බොට්ටුවෙන් යන ගමන ඉතාමත්ම සුන්දරයි වගේම චකිතයක් ඇතිවෙන සුලූයි. කුරියඞ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ් දක්වා ලගා වන බොට්ටු වාර පහක් ක‍්‍රියාත්මකයි. ඒවා උදේ 7.30ට 9.30ට හවස 1.30ට 4.00 කියන වේලාවල් වලට තියෙනවා’‘ ඩෙල්ෆ් දිවයිනට යන්න සාමාන්‍යයෙන් පැයක් විතර යනවා. රුපියල් 80ක් විතර තමයි බෝට්ටුවට අය ගන්නේ’‘ බොට්ටුවේ ගැස්සි ගැස්සි යන එක බයක් තමයි ඇතිවෙන්නේ. ඒත් ඒක වෙනස්ම අත්දැකීමක්.

මේ විදියට ටිකක් දිග බොට්ටු ගමනකින් පස්සේ අපිට ඒ විශ්මිත දිවයයිනට ලගා වෙන්න පුලුවන්. ඩෙල්ෆ් දුපතට ඇතුලූ වන ජැටිය ලගම තමයි දිවයිනටම තියෙන එකම ආපනශාලාව තියන්නේ. එහි බත් වගේම කොත්තු වඬේ වගේ කෑම ජාති තියෙනවා. ඇතුලු වෙච්ච ගමන්ම හොදට බඩ කට පුරව ගන්න පුලුවන්. දුපතේ නවතින්න යනවා නම් නවාතැන් සඳහා එක් හෝටලයකුත් නවාතැන්පල කිහිපයකුත් තියෙනවා. බොහොම සාධාරණ මිලකට නවාතැන් ගන්න අවස්ථාව තිබෙනවා.

දැන් කියන්න යන්නේ මොනවද මේ දුපතේ බලන්න තියෙන්නෙ කියල. බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. විශේෂිත ස්ථාන කිහිපයක් තිබෙනවා. බුද්ධගම පැත්තෙන් බැලූවත් චෛත්‍ය පාදමක් මෙහි දක්නට ලැබෙනවා. එහි පුරාවිද්‍යාත්මක අවබෝධක් මා සතුව නොවුනත් යම් කාලයකදී මේ දුපතේ බුද්ධාගම පැවති බව සාධකයක් නම් තියෙනවා. වර්ථමානයේ නම් කිසිදු බෞද්ධ පසුබිමක් පිළිබඳ සාධකයක් නම් හමුවන්නේ නැත. දුපත සතුව එක් ක‍්‍රිස්තියානි පල්ලියක් සහ හින්දු කෝවිල් කිහිපයක් තියෙනවා. තවත් විශේෂිත ගොඩනැගිල්ල වන්නේ යටත් විජිත සමයෙහි ලන්දේසින් විසින් ඉදිකරන ලද්දාවු ද ඉංග‍්‍රිසින් විසින් භාවිත කරන ලද නටඹුන් වු දෙමහල් ගොඩනැගිල්ලක් දුපතෙහි පිහිටල තියෙනවා.


දුපතෙහි මන්නාරමේ තරම් නොවිවත් ඉති විශාල ප‍්‍රමාණයේ බයෝබැබ් ගසක් (කඳ මහත ගස් විශේෂයක්) මේ දුපතේ දක්නට ලැබෙනවා.මෙහි ඇති විශේෂිත දෙයක් වන්නේ දුපතේ පිහිටා තිබෙන අභයභුමියයි. භුමියේ වාසය කරන විශාල ප‍්‍රමාණයකින් යුක්ත වු කැලෑ අශ්වයන් රංචුවයි නැව්ම අත්දැකීමක් තමයි. ලන්දේසින් විසින් මෙහි ගෙනෙන ලද කැලෑ අශ්වයින් ඔබ මොබ දුවමින් සැරිසරණ ආකාරය අශවාදජනකයි.


දුපතේ ඇවිදින් පයින් බැනේ. ඉතිං යන්න නම් ක‍්‍රම කිහිපයක්ම තියෙනවා. මුලූ දිවයිනටම තියෙන එකම බස්එකයි. එකේ ඉතිං යන එකනම් ප‍්‍රයෝගික නෑ. ත‍්‍රිවීල් එකක් හරි මහේන්ද්‍ර එකක් හරි යොදාගන්න පුලූවන්. තව ලැන්ඞ්මාස්ටර් එකක යන්නත් පුලූවන්. පුර්ණ අශ්වාදයක් ලබන්න නම් ලැන්ඞ්මාස්ට් එක තමයි හොදම. පාරවල් කැඩිල නිසා ටිකක් වැඩිපුර ගැස්සෙනවා තමයි. දුපත වටේ පැය කිහිපයක සංචාරයක් සඳහා කැබ් එකක් රුපියල් 3000 ක් විතර ගන්නවා. ත‍්‍රිවිල් එකක් හරි ලැන්ඞ්මාස්ටර් එකක් නම් හරි රු 1500 කට යන්න පුලූවන්.

හොදම දේ තමයි දුපත වටේ යනකොට මුණගැසෙන අය. එයාල හරිම මිත‍්‍රශීලී. යාපනේ මිනිස්සුන්ට සාපේක්ෂව මේ මිනිස්සු ගොඩක් හොඳයි. සිංහල වචන කිහිපයක් කතා කරන්න අයත් නැතුවම නෙමෙයි. එතනදි එයාලා දෙමලන් අපි සිංහලෙන් කතාකරන එකත් ලොකු ලෙන්ගතතුකමක් තියෙනවානේ. මේ දුපතේ තියෙන තවත් විශේෂ සිදුවීමක් තමයි යාපනේ මුලතිවු වල අය වගේ තල් කොළ වලින් තාප්පටයක් වට කරගෙන නැතිවීම. මුලූ දුපතේම අය හුණුගල් ගෙඩි තියල තමයි තාප්ප නිර්මාණය කරල තියෙන්නේ. දුපතේ හැම තැනම මේ දර්ශණය දැක ගන්න පුලූවන්.

මේ දුපතේ තියෙන පොදු ස්ථාන ගත්තම රාජ්‍ය ආයතන කිහිපයක්ම තියෙනවා. ඒඅතුරින් ලංකා බැංකුව වගේම තැපැල් කන්තේරැවකුත් තියෙනවා. ඒ වගේම රෝහලක් පාසලක් ස්ථාපිතයි. දුපතේ වැසියන්ගේ එදිනෙදා පරිභොජනයට භාණඩ ගන්න කඩමන්ඩියක් තියෙනවා.මේ දුපතේ තියෙන සුවිශේෂි කරුණ වන්නේ දිවයිනටම විදුලි දෙන්නේ විදුලියජනක යන්ත‍්‍ර දෙකකින් වීමයි. සමහර වෙලාවට නම් විදුලිය නැතුව යන වේලාවලූත් තියෙනවා.

සොබා දහම ගැන කතාකරනවානම් ශුෂ්ක කටෝර දේශගුණයක් තමයි තියෙන වැස්ස අඩු නිසා වතුර නම් ගොඩක්ම අඩුයි. ලිං කිහිපයක් ඇතත් ඒවායේ වතුර ඇත්තේ අඩුය මට්ටමකයි. දුපත ගොඩක්ම රස්නේ උනාට මුහුදු සුලග රස්නේ මැකෙනවා. මුහුදු තීරය නම් ඉතාමත් ලස්සනයි. මේ දුපතන එන සංචාරකයින් නම් මේවගේ තැනක් අතහරින එකක් නැතිතරම්. මිනිසුන් අඩු නිසාත් නිදහසේ නාන්න පුලූව්න්. ඉතාමත් නොගැඹුරු වෙරල තිරයක් නිසා බය නතුව නාගන්න පුලූවන්. වතුර ඉතාමත් පිරිසිදුයි. මුහුදු පතුල පේන තරම් වතුර පැහැදිලි. ඒ වගේම මුහුද නොගැඹුරු නිසා රැල්ලත් ගහනවා අඩුයි. නාන් පටන් ගත්තේ ගොඩට එන්න නම් හිතෙන එකක්ම නැ. හැන්දැවක ඉර බහන වෙලාවක මූහුදු වෙරළ දිව්‍යලෝකෙ වගේ. දවසක් අශ්වාදනියව ගත කරන්න උවමනා නම් ලංකාවේ එ වගේ තියෙන තැන් වලින් හොදම තැනක් තමයි ඩෙල්ෆ් කියන්නේ.



25 views0 comments

Recent Posts

See All

Comments


bottom of page