මේකත් යන්න ඕනේ trip එකක්. හැබැයි මේක අද ලැස්ති වෙලා හෙට යන්න පුළුවන් ගමනක් නෙමෙයි. මෙතනට යන්න ඉතිං ටිකක් ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා. ඒ කියන්නේ වික්ටෝරියා ජලාශය හිදෙන්න ඕනේ. මෙතනට කියන නම තමයි තෙල්දෙණිය පැරණි නගරය. පත්තර වලින් tv වලින් හි`දුන කාලයක් ආවොත් කියනවා. යන පාර ගැන හරියටම ඔබ කොළඹ ඉ`දල එනවානම් නුවරට ඇවිත් මයියන්ගනේ පාරේ 20නප විතර එන්න ඕනේ. එහෙම එනකොට තමයි හම්බ වෙන්නේ . ඒ හරියෙම තියෙන කඩයක් ලගින් තමයි ජලාශයට බහින්න පුළුවන් වෙන්නේ. එතන තමයි පැරණි තෙල්දෙණිය නගරය තියෙන්නේ. ඒ කඬේ ලගින් අපිට ආපු වාහනේ දාල යන්න පුළුවන්.
ගොඩක්ම පායන කාලයක් ආවොත් අපිට යටවුණු පැරණි තෙල්දෙණිය නගරය බලා ගන්න පුළුවන්. 1985 අපේ‍්‍රල් මාසයේ 12 වන දින වික්ටෝරියා ජලාශයට වතුර පුරවන්න පටන් අරන් තියෙනවා. එතනදි යටවුණු විශාල නගරයක් තමයි තෙල්දෙණිය නගරය කියන්නේ.
ඉඩෝරය අහුවෙලා හොදටම ඉරිතලා ගිය කාන්තාරයක් වගේ තමයි බැලූ බැල්මටම පේන්නේ. මේ ප්‍රදේශයේ තවමත් අවශේෂ වශයෙන් නටඹුන් ඉතිරිවෙලා තියෙනවා. ඒ අතුරින් පන්සලක විහාරගෙයක කොටසක් මහවැලි ග`ග හරහා ඉදිකරල තියෙන පාලමක් එහෙම දැක ගන්න පුළුවන්. නිය`ගය නිසා වතුර හි`දිල ගියාම තෙතමනය නිසා ලස්සන තණකොළ වැවෙන තැන හරිම ලස්සනයි. පොටෝ ගහන්න එන අයට නම් මේ තැන ගොඩක් ලස්සනයි. තැනිතැන වතුර වලවල් තියෙන නිසා කුරුල්ලෝ එනවා. විශේෂයෙන් උකුස්සෝ අහසේ දැක ගන්න පුළුවන්.
Comments