ගල්මඩුව පන්සල පිහිටල තියෙන්නේ තෙල්දෙණිය ඉ`දල නුවර පැත්තට 10 km යනකොටයි. ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්. ගල්මඩුව පන්සල බැලූ බැල්මටම ඔබට කොවිලක් වගේ පෙනේවි. මොකද මෙහි ගෘහ නිර්මාණ ශිල්පය කෝවිලක හැඩය ගන්න නිසා. ඒවාගේම ලස්සන නිර්මාණයක්. සංචාරය කරන්න ඉතාම සුදුසුයි.
ගල්මඩුව පන්සල මුලින්ම ඉදිකිරිම ආරම්භ වෙලා තියෙන්නේ 1771 දි පමණයි. ඒ රාජධිරාජසිංහ රාජ සමයේදී. මේ විහාරය මුලින්ම හදන්න අරන් තියෙන්නේ හින්දු කොවිලක් හැටියටයි. හින්දු ජනයා අඩු වශයෙන් ද බෞද්ධයින් වැඩි වශයෙන්ද හිටපු හින්ද මේ ස්ථානය හදනවාට දැඩි විරෝධයක් තිබිල තියනවා. කොහොමහරි මේ ස්ථානයේ වැඩ නතර කරල මේ ආසන්නයේම තියෙන දෙගල්දොරුව විහාරය හදන්න රජතුමා කටයුතු කරල තියෙනවා. කාලයක් වැඩ නවත්තල තිබුණු මේ ස්ථානය ඉදිකරල අවසන්වුයේ 1900දීයි. ඒ විහාරයක හැඩයෙන් නොව අමුතුම ආකාරයෙන් බවට පත්වෙලා තියෙනවා. මෙය ගොඩිගෙයක් වශයෙන්ද හදුන්වන්න පුළුවන්.
මේ පන්සල ඡුයාරූපක් ගන්න නම් අමතක කරන්න එපා. මොකද මෙහි හැඩය ඉතාමත් වෙනස් අලංකාර නිසා. මේ ස්ථාන කාලය ගතකරමා අපිට තවදුරටත් වෙලාව ඉතිරි නම් බහිරව කන්ද දළදා මාලිගාව වගේ ස්ථාන වලටත් යන්න හැකියාව තියෙනවා. මේ වගේ වෙනස්ම ආකාරයේ චාරිකාවක් අත්දැකිම් ලබා ගන්න ඔබටත් අවස්ථාව තියෙනවා. හැබැයි ටිකක් ඉවසන්න නම් වෙනවා.
コメント