අලගල්ල කන්ද හෙවත් නිදහසේ කන්ද පිළිබඳව ඔයාල අහල ඇති. සමහරු ගිහිල්ලත් ඇති. ‘‘අලට කන්න බැරි අල ගල්ලේ කන්ද’’ කවියත් අහලත් ඇති. ඒත් මේ කතාව වෙනස්. අලගල්ල කන්ද නගිනවා නම් පැති දෙකක් තියෙනවා. එක මාර්ගයක් තමයි මහනුවර පොත්තේ පිටිය මර්ගයේ ගොස් අලගල්ල තේ කාර්මාන්තශාලව ලගින් යන පාර. හොඳම සහ අමාරුම මාර්ගයත් ඇඟට දැනෙන්නම යන්න පුලවන් මාර්ග තමයි ඉහලකොට්ටේ දුම්රිය ස්ථානය අසලින් වැටි ඇති මාර්ගය. කොච්චියේ පැමිණ මේ කන්ද තරණය කරන එක තමයි සංචාරකයෙක්ට හා කදු නගින්නෙකුට තිබෙන හොදම විදිය.
මේ කන්ද ගැන විස්තර ටිකක් කියනවා නම්, මේ කන්ද 1140ප පමණ උසින් යුක්තයි. ඒ වගේම මුදුන් දෙකකින් සමන්විතයි. එක මුදුනක් පුජාගල. එතන චෛත්‍යයක් එහෙමත් තියෙනවා. අනිත් මුදුන තමයි නගින්න අමාරුම මුදුන. මිටර් 30 විතර බඩගාගෙනත් යන්න වෙනවා එතනට. මේ කන්ද පිහිටල තියෙන්නේ මධ්‍යම කදුකරය හා සබරගමුවවලට යාබදවයි. සෑම වසරකම පෙබරවාරියේ අවට ගම් විසින් ඇතුලූ බොහෝ දෙනෙක් අලගල්ල කන්ද තරණය කරනවා. ඊට හේතුව ලංකාවට නිදහස ලැබුණු කාලේ නිදහස බලන්න නම් මේ කන්ද නගින්න ඕනේ කියල මතයක් තිබිල තියෙනවා. ඒ නිසා අදටත් පෙබරවාරි 4 වෙනිදට මේ කන්ද අවට ගම් වැසියන් ඇතුලූ බොහෝ දෙනෙක් තරණය කරන්න පුරුදු වෙලා.
හරි එහෙනම් කන්ද තරණය කරමු. දුම්රියෙන් එනව නම් රඹුක්කන ඉදල නුවර පැත්තට එනකොට තියෙන ඉහල කොට්ටේ දුම්රිය ස්ථානයෙන් බැසිය යුතුයි. එතන ඉඳල ටික දුරක් ඉස්සරහට යන කොට හම්බවෙන කෙන්ක‍්‍රීට් පඩිපෙලක්. ඒ පඩිපෙල දිගේ යනකොට පාරක් හම්බ වෙනවා. කඩයක් එහෙමත් තියෙනවා. අවශ්‍ය දේවල් එතනින් මිලදී ගන්නත් පුලූවන්. 4Km විතර දුර ඒ පාර තියෙනවා. හරිම නිස්කලංකයි. ඇවිදගෙන යන්න පුලූවන් හරිම සැහැල්ලූවෙන්. ඒ පාරේ වාහන යන්නත් පුලූවන් පාරක්. අතරමගදී දියකඩිති එහෙමත් මුණගැසෙනවා. ඒ වගේම හරිම ලස්සන ගම්මානයක් උඩදි හමුවෙනවා. තේවතු මැදින් යන ගමන සුන්දරයි. මේ පාරෙන් යනකොට නම් හිතෙනවා මේ මොන කන්දක්ද කියල. අර මම කියපු කිලෝමිටර් 4 පසුකරගෙන ගියාම තමයි කන්ද පාමුල.
ඒක රක්ෂිතයක් හැටියට රජයෙන් නම් කරල තියෙන බොඞ් එකක් මුණගැසෙනවා. එතන ඉදල තමයි වැඬේ තියෙන්නේ. හරිම දුෂ්කරයි. ඉලූක් පඳුරු අස්සෙන් තමයි අඩිපාරවල් වැටිල තියෙන්නේ. වෙහෙසක් දැනුනට මීදුම් අතරින් යන ගමන සුන්දරයි. ඝණ කැලෑ අතරින් වැටිල තියෙන අඩිපාරවල් ටිික ටික දල බැවුම් බවට පත්වෙනවා. එහෙම තමයි කන්ද මුදුනට යන්න වෙන්නේ. ඔහොම ගිහින් අන්තිම කදුගැටය පාමුලට යන්න පුලූවන්. ඒ මුදුනට යන්න නම් ඉතිං නිකම්ම බැ. ඉතා පලපුරුදු කදු නගින්නෙකුට උනත් මේ ගමන නම් හරිම අසීරුයි. 30m පමණ කඹ ආධාරයෙන් තමයි යන්න තියෙන්නේ. නගිනවා නම් හරිම පරිස්මින් සහ දෙපාරක් හිතල තිරණය කරන්න වෙනවා.
මේ විදියට ගැනපුවාම තමයි කදු මුදුන. එතැන් සිට නැවත බැහැල ඒ පාරෙන්ම නොයා අනිත් පැත්තෙන් ගියොත් පුජාගලට යන්න පුලූවන්. ඒ ගමන නම් ඒ තරම් දුෂ්කර නැ. කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. මිදුම දෙබැ කරගෙන ගස් අතරින් යන ගමන අශ්වාදජනකයි. කුඩැල්ලන්ගේ අක‍්‍රමණ තමයි එකම ප‍්‍රශනේ. උංව ගලවන්න නැවතුනොත් තව එල්ලෙනවා. ඒ නිසා මුලින් සබන් එහෙම ගාගෙන ගියා නම් කුඩැල්ලන්ගේ ප‍්‍රහාර අවම කරගන්න පුලූවන්.
ඔහොම ගියාම පුජා ගල මුණගැසෙනවා. පුජාගල තැනිතලා ගල් පර්වතයක් වගේම විශාල ඉඩකඩකුත් තියෙනවා. හරිම ලස්සන දර්ශනයක් හාත්පදින්ම දැක ගන්න පුලූවන්. චෛත්‍යක් එහෙමෙත් තියෙන නිසා පුජනිය වටිනාකමකුත් තියෙනවා. එතන ගිමන්හරින්න හොදම තැන.
මෙැතැන් සිට බොහෝදුරට පඩිපෙල් තියනවා. එහෙත් පරිස්සමින් තමයි යන්න ඕනේ. වතුර වැටිල දියසෙවල නිසා පඩි ලිස්සනවා. ඒ පඩිපෙල් දිගේ පහලට බැස්සම අයෙත් ගම්මානයක් හම්බවෙනවා. අඩි පාර මහපාරක් බවට පත්වෙනවා. එහෙම ටික දුරක් යනකොට ගංගොඩ දුම්රිය ස්ථානය හම්බ වෙනවා. දැං ගමන නිමා වෙන්න ලගයි.
කන්ද නැග්ග වගේ අශ්වාදයක් තමයි රෙල් පාර දිගේ යන ගමනත්. රේල් පාර දිගේ 1.5 km පමණ ගියාම තමයි ඉහලකොට්ටේ දුම්රිය ස්ථානය හමුවෙන්නේ. ගංගොඩ ඉදල ටික දුරක් යකොට ලොකු බිං ගෙයක් හම්බ වෙනවා. ඒ බිංගෙය 300 m විතර තියෙනවා. ගණ කලූවරේ රෙල් පිලි දිගේ යන ගමන ඉතා බිහිසණු සතුටක් ඇතිවෙනවා. හැබැයි ඉතිං හරිම පරිස්සමින් . කොච්චියක් එහෙම ආවොත් කාට කියන්නද. ඒ නිසා හරිම විමසිල්ලෙන් යන්න ඔනේ. මේ විදයට ඉහලකොට්ටේ දුම්රිය ස්ථානයට ආවම අපේ ගමන නිමා වෙනවා.
Comments