මඩුවෙල වලව්ව කියන්නේ ලංකාවේ තිබෙන අද්විතීය ගෘහනිර්මාණ ශිල්පය අතින් ඉහලින්ම තිබෙන තැනක්. පිහිටල තියෙන්නෙ ඇඹිලිපිටියේ. හරියටම කියනවා නම් අඹිලිපිටියේ පනාමුරේ පාරේ යන්න ඕනේ. මේ චාරිකාව යන්න ඕනේ රත්නපුරේ හරහා. රත්නපුරේ කිව්වම මතක් වෙන ස්ථාන කිහිපයක්ම තියෙනවා නේ. බෝපත් ඇල්ල, පුංචි දඹදිව, රත්ග`ග, රත්නපුරේ සමන්දේවාලේ යන්න පුළුවන්. එක් දවසක චාරිකාවක් නම් යන්නේ ඒතැන් වලට කාලය ගත කලොත් මඩුවන්වෙල වලව්ව බලන්න පරක්කු වෙනවා නේ. ඒ නිසා රත්නපුර සමන්දේවලය වැ`දගෙන කෙලින්ම මඩුවන්වෙල වලව්වට යනවානම් තමයි හො`ද. මොකද ඔබ කොළඹ ඉදල නම් එන්නේ රත්නපුරයට ඇවිත් එතනින් 22 km දුර ගෙවාගෙන පැල්මඩුල් පැත්තටත් එතනින් ඇඹිලිටිය පාරේ 56 Km විතර යන්න ඕනේ. එතන ඉ`දල පනාමුරේ පාරේ 23 Km දුර ගියාම තමයි මඩුවන්වෙල වලව්වට යන්න පුළුවන්.
මඩුවන්වෙල වලව්වට ඇතුළුවන තැන කෙටි තාප්ප සහිත ගල් දොරක් තියෙනවා. එතන ඉදල මීටර් 200ක් විතර ඇතුළට ගියාම තමයි අපේ ගමනාන්තයට ලග වෙන්න පුළුවන්. ඉතා විශාල ගස් වලින් වටවුණු මේ වලව්ව ඉතාමත් සිසිල්ව තමයි අපිට දැනෙන්නේ.මේ වලව්ව 1700 දී තමයි ඉදිකරන්න පටන් අරන් තියෙන්නේ. 1705 වර්ෂය වන විට කාමර 121 ක් සහ මැද මිදල් 21කින් ආරක්ෂක පවුරු 3ක් අධිකරණ ශාලාවක්, මුරගෙවල්, ලිං, පැන් පෙකුණු, බෝධිඝර, අස්රිය හලක්, ධාන්‍යාගාර සහිතව ඉදිවී තිබෙනවා. මෙහි හිමිකාරයා වුයේ වික‍්‍රමසිංහ රාළහාමිගේ ශ‍්‍රීමත් විලියම් මඩුවන්වෙල රටේ මහත්තයයි.
මේ වලව්වේ විශේෂතම ලක්ෂණ කිහිපයක්ම හ`දුන්වාදිය හැකිය. මෙහි මුලින්ම පිරිත් මණ්ඩපය පිහිටල තියෙනවා. එහි බිමට පි`ගන් ගඩොල් අතුරල ලස්සණ කරල තියෙනවා. මේ පි`ගන් ගඩොල් සුද්දන්ගෙන් ලැබුණු භාණ්ඩ බි`දල ඒවයේ නිර්මණය කරල කියල මතයකුත් තියෙනවා. මේ වලව්ව ඉල`ග කොටස වන්නේ බුරුත මාලිගය නම් කොටසයි. සම්පුර්ණ බුරුත ලීයෙන් නිමකර තිබෙන නිසායි ඒ නම වැටිල තියෙන්නේ. එතනින් එහාට ගියපසුව අපිට සීතමලිගය නම් කොටස හමුවෙනවා. මෙය සිතල පරිසරක් සහිතව නිර්මාණය කර තිබෙන්නේ බිත්ති වල මිනිරන් ආලේප කරල තියෙන නිසයි. එතැනින් ඔබ්බට ගියාම තට්ටු දෙකක කොටසක් හමුවෙනවා. තවමත් ඉතාමත්ම ශක්තිමත්ව එය සදා තිබෙනවා. එත් පරිස්සමින් තමයි අඩිය තියන්න ඕනේ.
මේ මාලිගයේ විශේෂිතම ලක්ෂණයක් තමයි එක් කාමරයක් එක් කාර්යයක් ස`දහා වෙන්කර තිබීම. එය අපූර්වම අත්දැකීමක්. ඒ අතුරින් දැනට ඉතිරිව ඇත්තේ කාමර 47 ක් සහ මැදමිදුල් 21ක පමණි. මෙහි විශේෂයෙන් දිසාපතිගේ ඇ`දුම් කාමරය, මහකුමාරිහාමිගේ කාමරය, නාන කාමරය, රදළ ඇත්තන්ගේ අඩුක්කු සප්පායම් වන කාමරය, වින්නඹු ගේ, අතුරුපස කාමරය, යහපත්වන ගෙය, රටබීම කාමරය, ආදි වශයෙන් වනවා.
මේ මන්දිරය නරඹන ඔබට යායුතු දිශාව සහ සෑම කාමරයකම ඒ පිලිබ`දව දක්වා නාම පුවරු සවිකර තිබෙනවා. වලව්ව ඇතුළත ඡුායාරූප ලබා ගැනීම තහනම් වුවත් වලව්ව ඉදිරිපිට ඡුායාපයක් ලබා ගත හැකිය.
මේ වලව්වේ තිබෙන විශේෂිතම තවත් දෙයක් තමයි මඩුවන්වෙල දිසාවේගේ පින්තුරය. එය ඉතා විශාල පින්තුරයක් වනවා. මෙම පින්තුරයේ විශේෂත්වය වන්නේ 3ෘ තාක්ෂණය භාවිත කර තිබිමයි. මෙහි අපි සිටින දිශාවට හැරී සිටින ආකාරයන් දිස්වනවා. ඔබ වෙනත් පැත්තක සිට නරඹන්නවා නම් ඒ දිශාවට හැරී සිටින ආකාරයෙන් දිස්වෙනවා. දැනට වලව්වේ ගෘහභාණ්ඩ ඉතා අල්ප ප‍්‍රමාණයක් මහජන ප‍්‍රදර්ශනයේ තිබෙනවා.
දැනට මෙම වලව්ව මනාව පවත්වාගෙන යන්නේ පුරා විද්‍යා දෙපාරතමෙන්තුව විසිනුයි. මේ මන්දිරය නරඹන්න ඔබත් උත්සාහ කරන්න මන්ද අතිතයේ මුතුන්මිත්තන් දිවි ගෙවු ආකාරයත් වසර 400 පමණ පැරණි මෙවැනි ගෘහනිර්මාණ ශිලපයත් මෙහිදී දැයි දැක බලා ගන්න පුළුවන්.
Comments