අපේ චාරික ජිවිතයේ යායුතුම හා මගනොහැරිය යුතුම තැනක් තමයි අටමස්ථානය කියන්නේ. බොහොම අය අටමස්ථානය කිව්වම ගිහින් තිනෙවා කියයි. ඒහෙත් ඒ තැන් මොනවද ඇහුවම කියන්න දන්නේ නැ. ඒ නිසා දැනගෙන අටමස්ථානය වන්දනාකිරිම වැදගත්. අටමස්ථානය කිව්වම ජුජනිය ස්ථාන අටක් කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැනේ. ඒ නිසා කොහොමත් නිවැරදිව දැනගෙන අටමස්ථානය ව`දින්න කියල බලමු.
කොළඹ ඉ`දල අපි අනුරාධපුරේ යන්න 204 km විතර තියෙනවා. පුජා නගරය හොයගන්න අමාරු නැ. මුලින්ම අපි ඇතුල් වෙන්නේ ශ‍්‍රී මහාබෝධින් වහන්සේ වෙතටයි. ඒ අසලම තියෙන වාහන පාක් එකේ වාහනේ ගාල් කරල පයින් ටික දුරක් ගියාම අපිට ශ‍්‍රි මහාබොධින් වහන්සේ එහෙම නැත්තම් ජයසිරිමහ බෝහමුදුරුවන් පිහිටි ස්ථානය හමු වෙනවා. දලදා වහන්සේ වැදපුදා ගත්තට පස්සේ අපේ ඊලග වැදගත්ම ස්ථානය වන්නේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේයි. එහි විවාදය් නැත. සිරිමහා බොධින් වහවන්සේ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ජම්බුද්ද්වීපයේ සිට වැඩකරන ලදී. ශ‍්‍රී මහා බොධින්වහන්සේගේ ශාඛාව ශ‍්‍රී ලංකාවේ දඹකොළපටුන වෙත ගෙනඑන ලදී. එවක මිහිදු හිමියන් වැඩ සිටි බැවින් අනුරාධපුරයේ බෝධිය රෝපණය කිරීමට සුදුසු ස්ථානයක් සොයන ලදී. එහිදි මහමෙව්නාවේ මේ ස්ථානය ඒ හිමියන් විසින් තෝරාගෙන ඇත. ශ‍්‍රී මහාබෙධින්වහන්සේ ගේ ආරක්ෂාව ස`දහා වැලි මළුව, විහාර මළුව, දේවාල මළුව, උඩමළුව, රන් වැට මළුව වශයෙන් මළු පහකින් සමන්විත වනවා. වැදුමි පිදුම් කරන භාරහාර වීමට මේ ස්ථානයට දිනපතා විශාල ප‍්‍රමාණයක් පැමිණේති.
ඒ ස්ථායේ වැදපුදා ගත් අපට රුවන්මැලි සැය දෙසට පාගමනින් යන විට ලෝවාමහාපාය මුණගැසෙනවා. ලෝවාමහාපාය අටස්ථානයට අයත් දෙවන ස්ථානයයි. ලෝවාමහාපාය කුමන කාරණයක සඳහා කවන ලද්දක්ද යන්න පිළිබ`දව තවමත් නිශ්චිතව සොයාගෙන නැත. විශ්මිත නිර්මාණයක් වන මෙහි ගල්කණු වලට වර්ථමානයේ සීමාවී තිබේ. එවකට දේවානම්පියතිස්ස රජදවස මෙය තට්ටු 9කින් සමන්විතව පැවතුණි. වහලය අගනා ලෝහයෙන් නිර්මාණය කරන ලද නිසා මෙයට ලෝවාමහාපාය වශයෙන් නම්කොට තිබෙනවා. වරිනවර විනාශ වුවත් විවිධ රජවරු මෙය නැවත ගොඩනගා ඇත. වර්ථමානයේ පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් සංරක්ෂණය කොට පවත්වාගෙන යනු ලබයි.
එතැන් සිට ටික දුරක් ගිය පසු අපට හමුවන තෙවන ස්ථානය වන්නේ රුවන්මැලි සෑයයි. බොහොදෙනක් මෙය රුවන්වැලි සෑය ලෙස හැදින්නුවත් මෙහි ඇත්ත නාමය රුවන්මැලි සැයයි. රුවන්මැලි සැය ඉදිකර ඇත්තේ දුටුගැමුණු රජතුමා විසින් වුවත් එහි වැඩකටයුතු අවසන කිරිමට රජතුමාට නොහැකි වී තිබෙනවා. ඒ එතුමාගේ අභාවය නිසායි. මෙහි වැඩනිම කර ඇත්තේ සද්ධතිස්ස රජතුමා විසිනුයි. මේ ස්ථානය පිළිබ`දව ජනවහරේ එන විවිධ කතා ඇත. මේ ස්ථානයේ ස්වර්ණමාලි නම් දෙව`ගනක් තෙලඹු ගසක වාසය කර ඇති බවත් චෛත්‍ය ඉදිකිරිමේදී ඒ දෙව`ගනගේ නමින් සැය නම් කිරිමට පොරෙන්දු වු බවත් සඳහන්.ඒ අනුව ස්වර්ණ මාලි සෑරජුන් ලෙසත් එය රන්මැලිසෑය නමින්් ව්‍යවහාර විය. මෙම චෛත්‍යයේ උස රියන් 120කි. දැනට දිස්වන ආකාරයට ප‍්‍රතිසංස්කරණය කොට ඇත්තේ 1920 වර්ෂයේදී. එම ස්ථානය වැදපුදාගත් පසු නැවත අපට ශ‍්‍රි මහා බෝධි වහන්සේ අසල ඇවිත් වාහනේන තමයි ඊලග ස්ථානයට යන්න වෙන්නේ.
අපේ හතරවන ස්ථානය වෙන්නේ අභයගිරියයි. අභයගිරියේ ස්වරුපය අනුව ජේතවනාරාමයට සමානයි. අභයගිරිය චෛත්‍ය නිිර්මාණය කරන ලද්දේ වලගම්බා රජතුමා විසිනුයි. වලගම්බා රජතුමා සතුරන්ගෙන් පලා යන මොහොතේ මහාකළු සිංහලයා පලා යනවෝ යැයි ගිරි නිඝණ්ඨයා පවසු බව අපි කවුරුත් දන්නවානේ. රජතුමා යුද්ධයෙන් දිනුවට පස්සේ අර ගිරි නිඝණ්ඨයාගේ ආරාමය බිමට සමතලා කරල එතන චෛත්‍යයක් ඉදිකර ඇත. ඒ චෛත්‍ය ගිරි නිඝණ්ඨයාගේ නමේ කොටසක් එකතුකර අභයගිරිය ලෙස නම්කර ඇත. මෙම වෙහෙර අඩි 370ක් උසින් යුක්තයි. එය උසින් දෙවන තැන හිමිකර ගන්නා වෙහෙරෙයි.
අපේ පස්වන ස්ථානය වන්නේ ථුපාරාමයයි. ථුපාරාමය දේවානම්පියතිස්ස රජතුමා විිසින් කරනවන ලද චෛත්‍යයක්. මෙය සුවිශේෂි වන්නේ බුදුරජාණන් වහන්සේගේ අකු ධාතුව මෙහි තැන්පත් කර තිබීමයි. මෙම වෛත්‍යය ධාන්‍යගාර ස්වරුපයෙන් නිර්මාණය කොට ඇත.
අපේ හයවන ස්ථානය වන්නේ ලංකාරාමයයි. ලංකාමය කිව්වට ඒක නුතන නම විදියට තමයි හදුනගන් පුළුවන්. ඒ කියන්නේ මේ නම අළුත්නි ලබා දුන්න නමක් විය යුතුයි. ෙමි පැරණි නම පිළිබ`දව අදහසක් නැත. මෙම චෛත්‍යය ඉදකරල තියෙන්නේ වලගම්බා රජතුමා විසිනුයි. වලගම්බා රජතුමා සතුරන්ගෙන් පලා යන අවස්ථාවේදි මෙහි ම`ද වෙලාවක් සැගවී සිට තිබෙනවා. තමන්ට උදව් උපකාර කල ස්ථානයට ගෞරවයක් වශයෙන් මේ වෙහෙර එතුමන් ඉදිකරල තියෙනවා. අටමස්ථානයේ තිබෙන කුඩාම වෙහෙරෙ වන්නේ මෙම වෙහෙර තමයි.
අපෙ හත්වන ස්ථානය තමයි මිරිසවැටිය. මිරිසවැටිය ඉදිකරල තියෙන්නේ දුටුගැමුණු රජතුමා විසිනුයි. මේ සම්බන්ධයෙන් රසකතා පුවතක් තිබෙනවා. දුටුගැමුණු රජතුමා සිිරිතක් වශයෙන් කවර ආහාරයක් ගත්තත් එහි මුල් කොටස හමුරුවන් සදහා වෙන් කරල තියෙනවා. එක් දිනක අතපසු වීමකින් එතුමා අතින් මිරිස් මාළුවක් අනුභව කරල තියෙනවා හමුදුරුවන්ට පිළි නොගන්වාම. එයට වන්දියක් වශයෙන් මිරිසවැටිය චෛත්‍යය ඉදිකරල තියෙනවා. මිිසවැටිය ඉතා විශාල චෛත්‍යක්ද වනවා.
අපේ අටවන ස්ථානය එහෙම නැත්තම් අටමස්ථානයේ අවසන් සිද්ධස්ථානය වන්නේ ජේතවනාරාමයයි. ජේතවානාරාමය පිහිටල තියෙන්නේ රුවන්මැලි සෑයට අසන්නවයි. ජේතවනාරාමය ලංකාවේ තිබෙව විශාගතම චෛත්‍යයයි. එහි උස අඩි 400 පමණ වනවා. ඒවගේම පැරණි ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණයද වනවා. හුනුපිරියම් කර නොමැති නිසා මෙහි පැරණි බව මැනවින් පෙනෙනවා.
මේ විදියට අටමස්ථාන වන්දනාවේ යද්දි අපිට සදකඩපහන, ඉසුරුමුණිය, කුටට්ම්පොකුණ, සමාධි පිලිම වහන්සේ, දැකබලා ගන්න පුළුවන්. ඔබට දිනක් ඇතුළත මේ ස්ථාන පහසුවෙන් වැදපුදා ගන්න පුළුවන්. ඒ අතර තවත් විශේෂ දෙයක් සදහන් කරන්න පුළුවන්. ඒ තමයි මේ ස්ථාන හැම එක්ම පහේ ගල් අතුරල තමයි තියෙන්නේ . ඒ නිසා උදේ කාලයත් ඒ කියන්නේ සැර අව්ව වැටෙන් කලිනුත් ඉර බැහැගෙන යන හැන්දැවත් ඒ කියන්නෙ හතරෙන් විතර පස්සෙත් නරඹන් තියෙනවා නම් තමයි හො`ද. ගල් රත්වෙලා තියෙන නිසා කකුල් පිච්චෙනවා. ඉතාමත් අමාරුවෙන් වන්දනා කරනවාට වඩා දහවල් වරුව වැවකින් එහෙම නාන්න පුවන්නේ.
අටමස්ථානය හරියට වැ`දගන්න මේ මගපෙන්වීම අනුගමනය කරල දැනුවත්ව වන්දනා කරන්න උත්සාහ කරල බලන්න.
コメント