පිදුරංගල වර්ථමානයේ ඉතාමත්ම ජනප්රිය ස්ථානයක්. ඒත් වර්ථමානය නිසා පවුවත් මේ ස්ථානය ඉතා වැදගත් ඓතිහාසික ස්ථානයක්. පිදුරංගල පිහිටල තියෙන්නේ සීගිරිය ප්රදේශයේමයි. මාතලේ දිස්ත්රික්කයේ දඹුල්ල ප්රාදේශිය ලේකම් කාර්යාලයේ සීගිරිය ග්රාමයේයි. කොළඹ පැත්තේ ඉදල එනවිට දඹුල්ල පාරේ ඇවිත් ඉනාමලූවෙන් හැරිලා 10 km විතර ඇවිත් සිගිරිය එහෙම පහු කලම පිදුරංගල යන පාර හමුවෙනවා. එතන ඉදල 2km විතර ඉස්සරහට එනකොට පිදුරංගල විහාරය හම්බ වෙනවා. එතන ඉදල පිදුරංගල කදු මුදනට යන්න තියෙන්නේ පයින් තමයි.
පිදුරංගල කියන්නේ කාෂ්යප රජ දවස දක්වා දිවෙන ස්ථානයක්. ඉතිහාස කතා වලට අනුව පිදු රන් ගල වශයෙන් හදුන්වනවා. ඒ වගේම මේ පර්වතය පිහිටි ප්රදේශයේ සීගිරියේ චිත්රවල ඉන්න ලලනාවන් පැමිණියා කියල අදහසක් තියෙනවා. ඒ වගේම කශ්යප රජතුමා පියා මැරිම නිසා පසුව කම්පාවු හේතුවෙන් මේ විහාරය ඉදිකල බවක් සඳහන් වනවා.
පිදුරංගල විහාරය පසෙකින් තැබුවහොත් පිදුරංගල පර්වතය විශේෂ වනවා. පිදුරංගල කියන්නේ ශේෂ කන්දක්. මෙහි පිහිටීම හරිම විශේෂ හැඩයක් තමයි තියෙන්නේ. කන්ද ඉහල සිට නැරඹීමේදී එය සමමිතික ත්රිකොණයක හැඩයට සමාන වෙනවා. ඒවගේම යම් කුඩා ආනතියකින් යුක්ත පැතලි සමතලා ස්වභාවයක් උසුලනවා. එවායේම කන්ද පිහිටිම අනුව අංශය 360 ක දර්ශණ තලයක් පිදුරංගල තියෙනවා. සිගිරිය ඉතාමත්ම හොදින් දර්ශනය වන්නේ පිදුරංගලට ඒ පිලිබඳ ඉදිරියෙදී තවත් විස්තර දක්වන්නම්.
දැන් පිදුරංගල කන්ද නගින්න පුළුවන්. පිදුරංගල කන්ද නගිනවා නම් ඒ සඳහා විශේෂ දේවල් ටිකක් කරන්න තියෙනවා. ඒ කියන්නේ විහාරයක් නිසා සෙරෙප්පු ගලවල තමයි ඇතුල්වෙන් ඕනේ. ඒ වගේම වැදගත්ම දේ තමයි සංවර ඇදුමින් සැරසිලා එන්න ඕනේ. මුලින් ගමන් කරන්න වෙන්නේ විහාරය මැදින්. විහාරයේ උඩමලූවේ තමයි පැරණි විහාරය පිහිටල තියෙන්නේ. එතැනින් උඩට පඩිපෙල් ඉදිකරල තියෙන නිසා පහසුවෙන් ගමන් කරන්න පුලූවන්. ඒවා ලස්සනට පිහිටල තියෙනවා වගේම සෙවන සහිතයි. මේ විදයට කන්ද නැගගෙන යනකොට අපට පැරණි ලෙන් කිහිපයක් දැකගන්න ලැබෙනවා. මේ විදියේ ලෙන 26ක් තියෙනවා කියලයි පුරාවිදාඥයින් සඳහන් කරන්නේ. ඔහොම ලෙන් පසු කරමින් තවත් ඉදිරියට යන විට අපට ඉතා පැරණි සැතපෙන පිලිමයක් හමුවෙනවා. මේ පිලිමය ඉතාමත්ම පැරණි වගේම විශල පිලිමයක් වනවා. මේ පිලිම වහන්සේ මීටර් 15.5කින් යුක්ත වනවා. මෙහි විශේෂත්වය වන්නේ සම්පුර්ණයෙන්ම ගඩොලින් පිලිමය නිර්මාණය කර තිබීමයි. මේ පිලිම වහන්සේ ලෝකයේ පැරණි විශාලතම පිලිම වලින් එකක්ද ලෙසින්ද සැලකෙනවා. පිලිම වහන්සේ පසුකර මද දුරක් යන විට තරමක් යාමට අපහසු ප්රදේශයත් මුණගැසෙනවා. ගල් අතරින් රිංගමින් ගල් උඩින් පනිමින් තමයි යන්න වෙන්නේ. සමහර තැන් වල තරණය කිරිම ඉතා අපහසුවනවා. ඒත් ලංකාවේ මිනිස්සු එකිනෙකාට සහයෝගයෙන් සිටින නිසා එකිනෙකාට සහයෝගය හම්බවෙනවා.
අවසාන දුර්ගය නම් ඉතා අපහසුයි. මොකද ඒක සිදුරකින් තමයි ගල මුදුනට යන්න තියෙන්නේ. එතනිනුනුත් උඩට නැගුනු අය බහිනකල් ඉන් වෙන නිසා ටිකක් වෙලාවක් ඉවසන්න වෙනවා.
මෙහෙම අමාරුවෙන් නැගගන්න කියල පාඩුවක් නම් නැ.
ඔබට එක පාරටම නෙත් අදහදා ගන්න බැරි තරම් විශ්මයක් දැකගන්න පුලූවන්. සිගිරිය බලන්න ඕනේ නම් යන්න ඕනේ පිදුරංගල යන්න කියන
කතාව හරියටම හරි කියල ඔයාලටත් හිතෙයි. සිගිිරිය ඉතාමත් ලස්සනට දැකගන්න පුලූවන්. ඉතාමත්ම ආසන්නයේ පිහිටල තියෙන නිසා ඉතාමත්ම අලංකාරයි. මේ වගේ තැනක් මුලූ ලෝකයේවත් නැතුව ඇති කියලත් වෙලාවකට හිතෙනවා.
මේ කඳු දෙක අතර දුර ඉතා අඩු නිසා ඒකේ ලස්සන බලන්න පුලූවන් තල්කොටේ වැව ඒ අවටම තියෙනවා. ඒ පැත්තේ කෙනෙකේගේ අහුවෙත් පාර අහගන්න පුලූවන්. තවත් තැනක් තමයි දඹුලූ ගලට නැග්මත් අපුරුවට මේ කදු දෙක දැකගන්න පුලූවන්. ගොඩක්ම අය මෙතනට ගිහින් පොටෝ එකක් ගහන්න අමතක කරන්නේ නම් නැ. පිදුරංගල ගල මුදුනේ පෙරලෙන්න ඔනන් මෙන්න වගේ තිනෙ ලොකු ගලකුත් දැකගන්න පුලූවන්. අතිතයේ යුධ උපක්රමක් හැටියට මේ වගේ ගල් කදුමුදන් වල ස්ථානගත කරා කියලත් කතාවක් තියෙනවා. පිදුරංගල ගල මුදුනේ සිගිරියට අමතරව රිටිගල කන්දත් දැක ගන්න පුලූවන්. පැය කිහිපයක් උන්නත් මේ කන්ද මුදුනේ ගත කරන්න පුලූවන්. එත් අව් රශ්මිය තමයි ප්රශ්නේ. ඒකට ඉතිං හොඳම විසදුම උදේ පාන්දර හරි සවස හරි යන එක තමයි. හිරැ බැස යන සැන්දැවක සිගිරිය ලස්සනට දැකගන්න පුලූවන්. ඒ විදියට විඩා නිවාගෙන ඒ සුන්දරත්වය මතකයේ ර`දවාගෙන ආපහු එන්න පුලූවන්.
Commentaires