top of page
Writer's pictureMaduranga Prasad

07. හන්තානය දුරම පාරින්

Updated: May 27, 2020


හන්තාන කියද්දි අපිට මතක් වෙන්නේ එක්කෝ චිත‍්‍රපටයක්, නැත්තම් සින්දුවක්. එහෙම නැත්තම් පේරාදෙණිය සරසවිය. ඒවගේම නුවර ප්යේ‍රදේශයේ සංචාරය කරන ඕනෙම කෙනෙකේට හන්තාන කන්ද දැක ගන්න පුලූවන්. හන්තාන කියන්නෙ කන්දක් උනාට ඒ කන්ද කදු නගින්නන්ට නම් දෙවෙලක් වගේ. ඒ තරමටම කදුනගින්නන් හා සංචාරකයින් අතර ඉතාමත්ම ජනප‍්‍රියයි.


හන්තාන කන්ද කිව්වට ඇත්තටම ඒක කදු පන්තියක්. මුදුන් හයක් සහිත කදු පන්තියක්. උසම මුදුන වන ඌරකොටු කන්ද අඩි 3800ක් ඉහලින් තමයි පිහිටල තියෙන්නේ. හන්තාන කන්ද පිහිටල තියෙන්නේ මහනුවර දිස්ර්‍තක්කයේ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. හන්තානට යන පාරවල් කිහිපයක්ම තියෙනවා. විශේෂයෙන්ම සන්නිවේදන කුළුණු වලට කෙලින්ම යන්න තියෙන මාර්ගය තමයි පහසුම මාර්ගය. ඒ පාර නම් කෙලින්ම තියෙනවා. තවත් පාරක් තිබෙනවා අමායා හිල්ස් හෝටලය අසලින් හන්තානට යන පාර. කොහොම උනත් හන්තාන පාමුලට ඕනේ මහනුවර රෝහල අසලින් තියෙන පාර දිගේ ගියාමයි. ඒ කියන්නේ 7.6 km විතර ගියාම තමයි හන්තානට යන පර පිහිටල තියෙන්නේ. තේ කෞතුකාගාරය පිහිටල තියෙන්නේ ඒ අසලමයි.


ඒ පාර දිගේ යනකොට ආරාමයකට යන පාරක් තියෙනවා. ඒ පාර පහුකරගෙන ඉස්සහට ගියාම තමයි මම අර මාතෘකාවෙ කියපු අමාරු පාර තියෙන්නේ. ආරාමය පාර පහුකරල 500m

විතර ගියාම හෝටල් කිහිපයක්ම තියෙනවා. එතන තමයි අපි ආපු වාහනය දාල යන්න වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක මාර්ගයක් කිව්වට තනිකරම කැලයක්. පාර හදාගෙන තමයි යන්න වෙන්නේ. ඉතාමත්ම දුෂ්කර ඉතාම අශ්වාදජනක ගමනක්. ගමන්මාර්ගය පටන් ගන්නේ ලස්සනම ලස්සන ෆයිනස් කැලැවකින්. ඒ ෆයිනස් කැලැව පහුකරගෙන ගියාම තනිකරම කැලැවක් තියෙන්නේ. අඩිපාරවල් තිබුනත් හොයා ගන්න ලේසි නැ. ටිකක් වෙලා මහන්සි උනම අපිට දොල පාරක් හොයා ගන්න පුලූවන්. දොලපාර දිගේ උඩට යන්නයි තියෙන්නේ. හරිම සරළ විදියට මම කිව්වට ඒක ඒතරම් ලේසි වැඩක් නෙමෙයි. දොළපාර දිගේ යනකොට ගල් උඩින් පනිමින් හරිම මහන්සියෙන් වැටිල තියෙන ගස් යටින් බඩගාමින් ගියාම එක තැනකදි ගල් වැටියක් එක්ක දොල පාර ඉවර වෙනවා. එතන ඉදල නම් පාරවල් නැ. පාරවල් හොයාගෙන තමයි යන්න වෙන්නේ.


ඔහොම යන කොට විශාල ඉලූක් කැලැවක් හම්බ වෙනවා. ඒ අතරින් පීරගෙන තමයි යන්න වෙන්නේ. ඔහොම යන කොට අඩි පාරවල් හම්බ වෙනවා. ඔහෙම යන කොට කදු නගින්නන් අතර ප‍්‍රසිද්ධ කටුසු කොන්ද ඒ කියන්නෙ පස් වන මුදුන මුණගැහෙනවා. ඒක ඇත්තටම කටුස්සෙකුගේ පිට වගේ තමයි. දෙපැත්තෙන්ම දළ බැවුම් දෙකක් තමයි තියෙන්නේ. හරිම පරිස්සමින් තමයි යන්න ඕනේ. බයෙන් බයෙන් උනත් ඒ යන ගමන නියමයි. ලස්සන දර්ශණයක් තමයි එතන තියෙන්නේ. ඊලගට තමයි අපේ ප‍්‍රධාන මුදුන වන ඌර කොටු කන්ද හමුවෙන්නේ. එතැන තමයි අර කලින් කිව්ව සන්නිවේදන කුලූණු තියෙන්නේ. අවට සිරි බලන්න හොදම තැන මෙතන තමයි. එහෙම සිරි නරඹල ඒ පැත්තෙන්නම බහින එක ඉතා අපහසු හින්ද අර මං කලින් කිව්ව කන්දෙන් පහලට කෙලින්ම බහින් තියෙන පාරෙන් යන්න පුලූවන්. එහෙමෙ පහළට බැස්සම වම් පැත්තට තියෙන පාර දිගේ ගියාම අමයා හෝටලය අසලට යන්න පුලූවන්.

එතන ඉදල අපේ වාහානේ තියෙන තැනට පහසුවෙන්ම යන්න පුලූවන්. මේ ගමනේදි වඩාත්ම සැලකිලිමත් විය යුත්තේ වතුර ගැන තමයි. වතුර නම් අනිවාර්යෙන්ම අරන් යන්න වෙනවා. ඔබත් උත්සාහ කල බලන්න මේ වගේ අත්දැකිමක් ලබන්න.



9 views0 comments

Recent Posts

See All

Comments


bottom of page