ඕනේම කෙනෙකේ තමන්ගේ විවේකය ගත කරන්න කෙහෙහරි යන්න හිතනවානේ. එහෙම බැලූවම කොළඹ ඉදල පැයක් දෙකක් වගේ කාලයක් වැය කරල යන්න පුලූවන් තැනක් ගැන තමයි දැන් කියන්න යන්නේ. අපේ ගමනාන්තය වන්නේ දුනුමාල ඇල්ලයි. මේ ගමන සදහා හොදම ගමන් සගයා වන්නේ මෝටර් බයිසිකලය තමයි. බයිසිකලේ ගියාම සුන්දර පරිසරය විඳ ගන්නත් කැමැති තැන වල නවතින්න පුලූවන්. ඒවගේම සාක්කුටත් ඉතිං වාසි නේ.
එක පාරටම දුනුමාල ඇල්ලට යන්න හදිසි නැත්තම් මම කියන ගමන්මග ඔස්සේ ගියාම සුන්දරත්වයෙන් සපිරි ස්ථාන කිහිපයක අසිරියත් විඳගෙනම යන්න පුලූවන්. එහෙම ගියොත් තමයි ගමන සම්පුර්ණ වෙන්නෙත්.
ඒ ස්ථාන ටික ගැන මුලින්ම හැදින්වීමක් කරන්ම්. දුනුමාල ඇල්ල කියන්නේ ඉතාමත් සුන්දර දිය ඇල්ලක්. දුනුමාල ඇල්ල උඩුවක ඇල්ල කියලත් හදුන්වනවා. මේ ඇල්ල ගොඩක් ප්‍රසිද්ධ උනේ සිරිපැරකුම් චිත්‍රපටය ගීතමය ජවනිකාවක් සඳහා යොදාගෙන තිබෙන නිසා. මේ දිය ඇල්ල අඩි 25 ක උසකින් යුක්ත වෙනවා. අපේ ගමනේ ඉලඟ විශේෂිතම ස්ථානය වන්නේ පෙට්ටංගලයි. පෙට්ටංගල අමුතු හැඩයේ ගලක පිහිටි පර්වතයක්. ඒ ස්ථානය පෙට්ටංගල ආරණ්‍ය සේනාසනයයි. ඒ වගේම අලවල ප්‍රග් ඓතිහාසික ලෙන බලන්නත් පුළුවන්.
ඔබ කොළඹ ඉදල නම එන්නේ යක්කල හන්දියෙන් හැරිල එන්න ඕනේ. එහෙම නැත්තම් නිට්ටඹුවට ඇවිල්ල එන්න පුලූවන්. යක්කල හන්දියෙන් හැරිල 5 km විතර යනකොට දික්කන්ද හන්දිය හම්බවෙනවා. එතනින් වමට හැරිල 1 km විතර එනකොට දැකුණට හැරෙන්න අතුරු පාරක් තියෙනවා එතනින් පෙට්ටංගල තියෙන පාරේ 500 m විතර යනකොට පෙට්ටංගල ආරණ්‍ය සේනාසනය හම්බ වෙනවා. ටිකක් විිතර කදු සහිත මාර්ගයෙන් නිසා පරිස්සමින් තමයි යන්න ඕනේ. අමුතු පිහිටිමක් තියෙන පර්වතයක් නිසා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. මෙහි විශේෂත්වය වන්නේ පැතිලි ගල් තලාව මත පෙට්ටියක හැඩය ගත්ත විශාල ගල්ගොඩියක් තිබෙනවා හරිම පුදුම සහගතයි. වචනයෙන් විස්තර කරන්න බැරි තරම් විශේෂත්වක් මෙතන තියෙනවා.
පැතලි ගල් තලාවක් නිසා මෙතන ලස්සනට වටපිටාව පෙනෙනෙවා. කවුරුත් දන්න මේ වෙනකොට ප්‍රසිද්ධ දික්කන්ද වලව්ව මෙතෙන්නට ලස්සනට පේනවා. කදුගැටයක් මත තියෙන මේ වලව්ව අද්භුතජනක කියල සමහරු නම් කියනවා. එකේ සත්‍ය අසත්‍යතාවය නම් මම දන්නේ නැ.
එතනින් ආපසු හැරුණම අපේ ගමනාන්තයට යන්න පුලූවන්. ඒ සදහා ඌරපෙලින් අත්තනගල්ලට යන්න නෙවා. පෙට්ටංගල ඉදල අත්තනගල්ලට 14km විතර තියෙනවා. කැමති නම් අත්තනගල්ල රජමහා විහාරය වැදපුදා ගන්න් පුළුවන්. කවුරුත් දන්න පරිදි අත්තනගල්ල රජමහා විහාරය තමයි සිරිසගබෝ රජතුමා හිස දන්දුන්න තැන.
එතැන් සිට ඒ කියන්නේ අත්තනගල්ල හන්දියේ සිට පන්සල පාරේ මිටර් 20ක් විතර ගියාම අලවල පාර හම්බ වෙනවා. දිගටම තියෙන්නේ නාන තැන් තමයි. ඉතා සුන්දර පරිසරයක් සහිත මේ අලවල පාරේ 11 km විතර ගියට පස්සේ හන්දියක් හම්බවෙනවා. එතනින් වමට හැරිල 1.5 km ගියාම අපේ ගමනාන්තයට ලගාවෙන්න පුලූවන්. වාහන දාන පාක් එක් එතන තියෙනවා. මෙතන ඉදල පයින් තමයි යන්නන වෙන්නේ. පයින් කිව්වට මහ දුරක් නැ. 200m විතර තමයිි යන්න තියෙන්නේ. එතනත් ටිකක් දුෂ්කරයි. මේ තරම් වෙලා පුලපුලා බාලා හිටපු දුනුමාල ඇල්ල දැං බලා ගන්න පුලූවන්. ඉතාමත්ම අසිිමත් දිය ඇල්ලක්. නාගන්න නම් ඉතිං කියාපු දිය ඇල්ල.ගල් ලිස්සන නිසා පරිස්සම් වෙන් වෙනවා. ඇල්ල පාමුලටම ගියාම ෂවර් එකකයින් නානව වගේ නාන්න පුලුවන්. බොන්න හිතාගෙන නම් පැත්ත පලාතේ යන් එපා. සුන්දරත්ව විඳගෙන හොදට නාගත්තම අපිට ආපහු එන්න පුලූවන්.
Comments