පැට්නා කියන්න ඉතිං සංචාරකයින්ට යන්න පුළුවන් ඉතාමත්ම සෞන්දාර්යාත්මක ස්ථානයක්. මේ ස්ථානයේ තිබෙන ස්වාභාවික පිහිටිම නිසා මේ ස්ථානය ප‍්‍රසිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ ස්වාභාවික වශයෙන් ආනතියක් සහිතව තිබෙන ගල්තලාවක්. ඒ ගල්තලාව මගින් සිහින් දියපාරක ගලාගෙන යනවා. ඒ නිසා තමයි මෙම ස්ථානය සුන්දර අශ්වාදජනක ස්ථානයක් වෙලා තියෙන්නේ.
පැට්නා පිහිටල තියෙන්නේ දෙනියාය ප‍්‍රදේශයේ. දෙනියාය ලංකාවේ තියෙන ලස්සනම හා පරිසරි විද්‍යාත්මකව ගත්තත් ඉතා වැදගත් ස්ථානයක්. ලංකාවේ ලොකුම වනාන්තරය වන සිංහරාජය දෙනිනයායටත් අයිතියි. මේ ගමන අපිට තේ වතු මැදින් යන්න පුලූවන් සුන්දර ගමනක්.
පැට්නා වලට යන මාර්ගය ගැන සදහන් කරනවා නම් ඔබ කොළඹ දෙස සිට පැමිනෙන්නේ නම් දක්ෂිණ අධිවෙගි මර්ගය ඔස්සේ මාතරට පැමිණිය යුතුයි. මාතර ඉදල අකුරුස්ස මාර්ගයේ අකුරැස්සට ඇවිත් එතනින් කොටපොලට පැමිණ දෙනියායට ලගා විය හැකියි. දුර ගැන සදහන් කරනවා නම් මාතර ඉදල 78km විතර වෙනවා. Patna view point කියල සෙව්මු කරල බැලූවම හොයා ගන්න පුලූවන්.
එතැන ඉදල වාහනේ පාක් කරල පයින් තමයි යන්න වෙන්නේ. 1km විතර ආවම අපේ ගමනාන්තයට යන්න පුලූවන්. පොඩි ටිකට් එකක් එහෙම එතැනින් ගන්න වෙනවා. තේවතු මැදින් යන ගමන හරිම සුන්දරයි. ඒ වගේ මිදුමෙන් වැහෙනවා සමහර වෙලාවට. පරිස්සමින් අඩිය තියල යන්න ඕනේ බැවුම් සහිත නිසා. පැට්නා තියෙන්නේ නාන්නම බලන් යන අයට තමයි. ඉතාමත්ම ආරක්ෂිතව නාන්න පුලූවන් වගේම ලොකු අශ්වාදයකුත් ලබන්න පුලූවන්. මම අර කලින් කිව්ව වගේ මෙම පිහිටිම නිසා ගල් මත ලිස්සල යන්න පුලුවන් හරියට ලිස්සන බොට්ටු පදිනව වගේ. ජල පහර වේගවත් නැති නිසා මෙහි භායානක කමක් නැ. එත් පරිස්මින් ලිස්සල ගියාම හරි. ඉහල සිට පහලට ගලමත හිද ලිස්සා ජලය පිරුණු වලකට තමයි වැටෙන්නේ. මේ වගේ ස්ථාන ලෝකයට ඇත්තේ කිහිපයක් පමණක් වියයුතුයි.
මේ අශ්වාදය ලබාගෙන අපිට නැවත් ආපු මාර්ගයේ සුන්දරත්වය විදගෙන එන්න පුලූවන්. මම අර කලින් කිව්ව වගේ පරිසර පද්තිධයක් අතින් ඉතාම ලස්සන නිසා ගොඩක් තැන් බලන්න තියෙනවා. දියඇලි කිහිපයක්ම තියෙන නිසා ඒවාත් හොයාගෙන බලන්න යන්න පුලූවන්. ලොකු දුරක් ආපු නිසා මේක එක දවසේ චාරිකාවක් නිසා කාලය කලමනාකරණය කර ගන්නත් වෙනවා නේ. ඔබත් උත්සාහ කරල බලන්න. බලන්න නෙමෙයි නාන්න බලන් යන්න ඒ අශ්වාදය විදගන්නත් උත්සාහ කරල බලන්න.
Comments