top of page
Writer's pictureMaduranga Prasad

10. ගමේ සිරියට මීමුරේ.

Updated: May 27, 2020


මීමුරේ කියන්නේ සංචාරය සදහා ඉතාමත්ම සුන්දර වෙනස්ම අත්දැකිමක් ලබාගත හැකි ගම්මානයක්. මේ ගම්මානය සාමාන්‍ය ගම්මානයක් නොවන නිසාත් එහි ස්වභාවික පිහිටිම් නිසාත් සංචාරයින් අතර ඉතා ජනප‍්‍රියත්වයට පත්වි තිබෙනවා.


මීමුරේ පිහිටල තියෙන්නේ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත‍්‍රික්කයට මායිම්වයි. මේ ගම්මානයට යන මාර්ග පිහිටල තියෙන්නේ නකල්ස් රක්ෂිතය තුළ වීම විශේෂත්වයක් වනවා. සම්පුර්ණයෙන් කැලේ මැද්දෙන් යන ගමන පුදුම අශ්වාදයක් තමයි ගෙන දෙන්නේ. මී මුරේ යන පාර ගැන කියනවා නම් මහියංගනේ මහනුවර මාර්ගයේ හුන්නස්ගිරිය නගරය පැමිණිය යුතුයි. එතැන් සිට නකල්ස් රක්ෂිතය මැදින් 40km පමණ වන කුඩා පාරකින් තමයි යායුතුවෙන්නේ.

මේ පාර නම් ඉතාමත්ම අබලන් මාර්ග තැනින් තැන පාර හොදින් තියෙනවා. නිරන්තරයෙන් ජලය ගලයාම හේතුවෙන් පාර හොදටම කැඩිල තියෙනවා. එකිනෙකට වෙනස් අත්දැකීමක් ලබන්න නම් බයිසිකලයෙන් යනවා නම් ඉතිං හොඳයිි. හොඳයි වගේම ලේසී. එහෙත් වාහනෙකින් යනවා නම් ටිකක් අමාරුයි. ටිකක් කිව්වට ටිකක්ම නෙමෙයි. අලූත් වාහන වලින් නම් යන්නම අමාරුයි. මොකද යට වදින නිසා සමහර තැන්වලින් යන්නෙ කොහොමද කියල නැවතිලා කල්පනාකරන්න වෙනවා. සමහර තැන් වල වාහනේන් බැහැල තල්ලූ කරන්න වෙනවා. ගල් තියල වාහනේට යන්න පහසු කරන්න වෙනවා. ඒක ඉතිං වෙනම අත්දැකිමක්. 40 kmඋනාට මේ මනට පැය 4-5 විතර නම් ගතවෙනවා. පොටෝ ගහන්න නම් ලස්සන තැන් ගොඩක් මේ පාරෙ තියෙන


ඔන්න ඉතිං අපි මිමුරේ ආවා කියමුකෝ. දැං ඉස්සල්ලාම කරන්න ඕනේඅපිට නවතින්න තැනක් සොයා ගන්න එක්. නවතින් තැනක් සොයා ගන්න එක නම් අමාරුවක් නැ. හැම තැනම තියෙන්නේ නවතින් තැන්. ඒ තරමටම මීමුරේ ගම සංචාරකයින් වෙනුවෙන් ලැස්ති වෙලා. මේ නවතින තැන් වලට විවිධ පැකේජ් තියෙනවා. ඒ සඳහා කුඩාරම් වගේම ගමේ රහට කැම ටිකක් කන්න පහසුකම් තියෙනවා. සාමාන්‍යයෙන් 1000ක් 1500 අතර මුදලක් වැය කරන්න වෙනව එක් අයෙකුට.


මීමුරේ ගම්මානයට යනවා නම් ඉතිං ඔබගේ ජංගම දුරකතනය කැමරාවක් බවට පත්වනු ඇත. මොකෙද එහෙ සිග්නල් නැ. එහෙත් බයවෙන්න එපා ලංකාබෙල් සිග්නල් තියෙනන නිසා ඒ නවතින තැනින් අපිට දුරකතන අවශ්‍යතවය සපුර ගන්න පුලූවන්. ෆොස්බුක් එහෙම යන්න බැරි නිසා සංචාරය අශ්වාදජනකව ගත කරන්න පුලවන්. ඒ වගේම මේ ගමන දින තුනකට සංවිධානය කරගත්තොත් තමයි වටින්නේ. මොකද යන්න දවසයි බලන්න දවසයි එන්න දවසයි. එහෙම තමයි හොද.


මේ ගම්මානය ප‍්‍රසිද්ධ උනේ සුරියඅරණ චිත‍්‍රපටය නිසයි. එහි ඇති දර්ශණ නිසා මේ ගම ගැන බොහෝ දෙනා දැනගත්තේ. එහි ප‍්‍රතිථල වැල නොකැඩි සංචාරකයින් මෙහි පැමිණිමයි. ඒක පරිසරය පැත්තෙන් නම් අවාසනාවක්.



හරි දැං බලමු සංචාරය කරන්න පුලූවන් ස්ථාන ගැන. ගම්මානයට ඇතුල් වෙනකොටම කොහෙ බැලූවත් අවසානයේ ඇස නතර වෙන්නේ ලකේලග තමයි. ලකේගල ලගින්න නම් දෙපාක් හිතල තවත් ටිකක් හිතන්න වෙනවා. රාවනා පුරාවෘතයේ ඉහලින්ම කියවෙන තැනක් තමයි. මේ කන්ද තරණය කරන්න නම් ඇත්තටම වැඩිය කලබල වෙන්න එපා යන්න ඕනේ නම් ඊට සුදුසු කාලයක් තියෙනවා. සීග‍්‍ර බැව්මක් නිසාත් ලිස්සන්න පුලූවන් නිසාත් සුලග ඉතා වැඩි නිසාත් ඉතා පරිස්සමින් තමයි උත්සාහ කරනන වෙන්නේ. ඊලගට තියෙන විශේෂිතම ස්ථානයක් තමයි සුන්දර දිය ඇල්ලක. ඒහි ගමන් කිරිම සදහා සංචාරක මගපෙන්වන්නෙක් සොයා ගන්න වෙනවා. මේ ස`දහා අපි සංචාරයේ යෙදෙන පලමුවන දවසේ සවස් භාගය යොදා ගන්න පුලූවන්.


එහෙම ගිහින් ඇවිත් දොලපාරකින් නාගෙන රැට BBQ පාටියක් එහෙම දාල කුඩාමක නිදාගෙන පහුවදා උදෙන්ම නැගිටල ගමේ අසිරිය එහෙම බලල උදේ ආහාර අරගෙන එහෙම නාන්න යන් පුලූවන්. ඒ සඳහා ලංකාවෙ තියෙන සුන්දරම අශ්වාදජනකම ස්ථානය තියෙන්නේ මීමුරේ කිව්වොත් නිවැරදි. ස්වාභාවිකව පිහිටි ජල තටාකයක් නිසා මෙහි අශ්වාදය ඉමහත් වෙනවා. මෙහි ජලය මත ලිස්සා යාම වගේම බැව්ම් සිට විවිධ මට්ටම් වලින් ජලයට පැනිම කල හැකි. ඒ සදහා ගමේ අය පුහුණු වි සිටින බැවින් ඔවුන්ගේ සහය ලබාගත හැකි. උදේවරුවම මෙහි විනෝදය සදහා යොදාගත්ත නම් සවස් වරුව විවේකිව ගමේ ඇවිදල ගමේ අය එක්ක කතා කරන්න එහෙමත් යොදා ගන්න පුලූවන්.


අපේ නවාතැන් ස්ථානයේ රාති‍්‍රය ගත කරල උදේ ආහාර එහෙමත් අරන් පසු දින අපිට ආපසු එන්න පුලූවන්. උදේන්ම ආවොත් හවස් වෙනකොට අපිට පහසුවෙන් වැඩි කරදරයක් නැතුව ගෙදර එන්න පුළුවන්.




28 views0 comments

Recent Posts

See All

Comments


bottom of page