අපේ සංචාරය ස්වභාව සෞන්දර්යට වගේම පුජනිය ස්ථාන වලටත් වෙන් වෙලා තියෙනවා. ඒ සදහා ස්ථාන කිහිපයක් මේ සදහා එකතු කරගත්තොත් අර්ථවත් වෙනවනේ. ඒ නිසා කුරුණැගල ආශී‍්‍රතව ස්ථාන කිහිපයක් යොද ගන්නට තිර්ණය කලා. ඇතුගල පිහිට බුදු පිලිම වහන්සේ රිදි විහාරය හා රණ්බොඩගල්ල පිලිම වහන්සේ කියන පුජනිය ආකර්ශණීය ස්ථාන චාරිකාව සදහා තෝර ගත්තා.
මේ ස්ථාන ගැන සංචාරයට පෙර යමක් සදහන් කළ යුතුයි. ඇතුගල මුදුනේ පිහිටල තිබෙන පිළිම වහන්සේ නම් හිදි පිළිමයක් ලෙස ඉතා විශාලව ඉදි කරල තියෙනවා. මුළු කුරුණැගල පුරවරයටම පෙනෙන පරිද්දෙන් මේ පිළිම වහන්සේ ඉදිවෙලා තියෙනවා. ඒවගේම රිදි විහාරය ගැනත් යමක් සදහන් කරනවා නම් රිදිවිහාරය පැරණි වෘතාන්තයක් එක්ක නිර්මාණය වෙලා තියෙනවා. දුටුගමුණු රජ දවස නුවරකලාවියේ සිට මලය රටට බඩු පුරවාගත් ගැල්කරුවන් මේ ස්ථානයේ ගිමන්හැරිමට නැවති තිබෙනවා. ඒ අවස්ථාවේදි හරකුන් කිහිපදෙනෙක් අතුරුදහන් වෙලා. උන්ව සොයා යන අතරතුරදි වරකා ගසක් හමුවී තිබෙනවා. එහි වරකා කන විට ස`ගරුවනට පුජා නොකළ නිසා හිමි නමක් සොයන විට ඉන්ද්‍රගුප්ත රහත්වහන්සේ ඍධියෙන් ඒ ස්ථානයට වැඩමකොට තිබුණා. ඒ ස්ථානයේ වරකා වැලකා වැලදු නිසා වරකා විහාරය නම යොදා තිබෙනවා. අනතුරුව එම ස්ථානයෙන් ගැල් කරුවන් ආපසු යන විට අර රහතන් වහන්සේ අනුරාධපුරයට යන පාරක් මවා තිබෙනවා. ඒ වකවානුවේ රුවන්මැලි සෑය ඉදිකිරිමේදි රිදි වල හිගයක් පැවතිල තිබෙනවා. අර හිමියන් වරකා විහාරයේ රිදි ගොබයක් තිබෙන බව වෙළදුන්ට පවසා තිබුණා . වෙළදුන් විසින් දුටුගැමුණු රජතුමා රිදී ගොබය විස්තර පවසා තිබෙනවා. ඉන් අනතුරුව ඒ රිදි රුවන්මැලි සෑයට යොදාගෙන තිබෙනවා. ඒ නිසා මේ විහාරය රිදිවිහාරය නම් විය.
රිදිවිහාරයේ රත්තරන් පිළිම වහනේසේ නමක් වැඩ සිටිනවා. ඒ පිළිිමය දුටුගැමුණු රජතුමා විසින් රිදිවිහාරයට පුජා කර ඇති බවත් පිලිමය රැුගෙන එන විට ගැල් මඬේ එරුණු බවත් දුටුගැමුණු රජතුමා සත්යක්ක්රියාවක් නිසා ඍධියෙන් රිදි විහරයට පිළිමය වැඩම වු බවත් ස`දහන් වෙනවා. බුදු සසණ තිබෙන තුරු එයට පුජා පැවැත්විය යුතු බව දක්වා තිබෙනවා. මේ විහාරයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙහි බුදුගෙයි මල් ආසනයේ ක්‍රිස්තුන් වහන්සේ සහිත පිගන්ගඩොල් අල්ලා ඇත.
අපේ මීළඟ ස්ථානය වන්නේ රබ්බොඩගල්ල පිහිටි විශාල ගල් තලාවක නෙලන ලද ලොව විශාලතම හිදි පිලිම වහන්සේයි. මේ පිළිම වහන්සේ ඉදි කිරිමේදී බාමියන් බුදු පිලිම විනාශ කරන ලද කාලයේදී පන්සලට පැමිණි කුඩ දරුවන් පිරිසයක් විසින් කරන ලද ඉල්ලමකට ඔවුන්ගෙන් ලැබුණු පුංචි මුදල උපයොගි කරගෙන අරමුදලක් ඇති කර විශාල මුදලක් වියදම් කර මෙම ස්ථානය ඉදිකර ඇත.
එසේ නම් මේ ඓතිහාසික ස්ථාන වලට යන මාර්ගය පිළිබඳව විමසා බලමු. මුලින්ම අපේ සංචාරයේ ප්‍රථම ගමනාන්තය වන්නේ කුරුණැගල නගරයේ පිහිටි බුදුපිළිම වහන්සේයි. අපි කොළඹ සිට නම් එන්නේ කුරුණැගල නගරයට පැමිණ එතනින් google map ඔස්සේ මේ ස්ථානයට ලෙහෙසියෙන්ම සොයා ගන්න පුළුවන්. මේ ස්ථානයට ලඟා වෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කන්ද පාමුල සිට ගල මුදුනට පඩි ඔස්සේ ගමන් කිරීම. එසේ නොමැති නම් ඉතිං පාර දිගේ 1Kmවිතර ගල මුදුනට පාරේ යන්න පුලූවන්. ඒ පාර නම් ඉතාමත්ම අලංකාරයි. ගල මුදුනට නැග්ගම මුළු හාත්පසම ලස්සට පෙනෙවා. ඒ වගේම මේ ස්ථානයේ හරිම සැර සුලගක් තිබෙනවා.මේ පිළමය මේ කන්ද මුදුනේ තියෙන නිසා ඉතාමත් ශාන්ත බවක් වගේම ගමන් මහන්සියත් නිවෙනවා.
අපි නැවත ගමන ආරම්භ කරනවා නම් කුරුණැගල සිට නුවර පාරේ මල්වපිටිය හන්දියට පැමිණිය යුතුයි. එතැන් සිට 15 km පමණ ගියා නම් පහසුවෙන් රිදිගමට පැමිණිය හැකී. එතැනින් හැරී ප්‍රදේශිය ලේකම් කාර්යාලය ල`ගින් තියෙන පාරේ මිටර් 600 ආවම රිදිවිහාරය පන්සලට යන පාර දක්වාම පැමිණිය හැකි. එතැන් සිට 1.4 km පැමිණි පසු රිදිවිහාරයට පැමිණිය හැකි. රිදි විහාරය ගැන විස්තර බොහෙමයක් කලින් කිව්ව නිසා තවදුරටත් විස්තර කරන්න බලපොරොත්ත වෙන්නේ නැ.
රිදි විහාරය සිට අපේ ගමනාන්තය වන රම්බොඩගල්ල පැමිණීමට නම් රිදි විහාරෙ ඉදල 5km පැමිණිය යුතුයි. රිදිවිහාරේ සිට ප්‍රධාන පාරට පැමිණ පැමිණ 5km ඉදිරියට ගියාම ඔබට ඒ විශ්මිත නිර්මාණය කරල තියෙන පන්සලට පැමිණිය හැකී. දහවල් කාලයේදි නම් පැමිණෙන්නේ ටිකක් පාරේ යන්න අමාරුයි. සාමාන්‍ය බුදුපිලිමයකින් එහා ගිය විශේෂත්වක් තියෙන නිසා නැරඹිය යුතුම ස්ථානයක්.
මේ ගමන ස`දහා එරම් මුදලක් වියදම් නොවන නිසාත් ගමන් මහන්සිය අවම නිසාත් ඔබට පහසුවෙන් ලගා විය හැකි නිසාත් බෞද්ධ චාරිකාවක් නිසාත් ඔබත් උත්සාහ කරල බලන්න.
Comments