රිච්මන් කාසල් කියන්නේ ලංකාවේ ගෘහනිර්මාණය අතින් ඉහලතම නිර්මාණ අතුරින් එකක් හැටියට හදුනගන්න පුලවන්. සංචාරකයින් සඳහා වෙනමම අත්දැකිමක් ලබන්න පුලූවන් ස්ථානයක් හැටියට එය හදුනගන්න පුලවන්. මේ ගමන නම් කෝච්චියෙන් සහ බස් එකේ උනත් යන්න පුලූවන් ගමනක්. දවසම ගත කරන්න අවශ්‍ය වෙන්නෙත් නැ. කලූතර බෝධින්වහන්සේ වදින්න මේ ගමනේදිම පුලූවන්.
රිච්මන්කාසල් නම රිච්මෑන් කාසල් යන්නෙන් සැදී ඇති බව කියවෙනවා. එයින්ම තේරෙනවා මේ මන්දිරය නොසිතන තරම් ප්රතාපවත් කියල. වලව් වලින් මිදෙන මේ මන්දිරය මාලිගාවක් වශයෙන් හදුන්වන්නේ මෙහි වහල නොපෙනෙන ලෙස ඉදිකරල තියෙන නිසයි.
මේ මන්දිරය පිහිටල තියෙන්නේ කළුතර නගරයේ පලාතොට පාරේ මද දුරක් ගියාම කළු ගග අසබඩයි. අක්කර 42ක භුමි භාගයක ඉදිවී තිබෙන මන්දිරය අක්කරයක් පමණ විශාලත්වක් උසුලනවා.
යන පාර හරියටම කියනවා නම් කලූතර ඔරලේසු කනුව ලගින් වමට හැරිලා ටික දුරක් ගිහින් පලාතොට හන්දියෙන් හැරිලා 1km විතර යන්න ඕනේ. ඒ පාරේ බස් එකට නැග්ගොත් රිච්මන්කාසල් එක ලගින්ම බහින්න පුලූවන්. එතන ඉදල මිටර් 500ක් විතර ගියාම ඒ අභිමානවත් ප්රතාපවත් මන්දිරය දැක ගන්න පුලූවන්.
මන්දිරයේ විශේෂත්වය නම් මේ මන්දිරය ඉදිකරල තියෙන්නේ 1910 දි පමණ වීමයි. මෙහි හිමිකරු වන්නේ දොන් ආතර් ද සිල්වා විජේසිංහ ප`ඩිකාර මුදලිතුමයි. මන්දිරය හදන්න මුලික වුනේ වරක් මුදලිතුමා ඉන්දියාවේ සංචාරය කරන අවස්ථාව සිදුවු සිදුවීමක් නිසයි. . ඒ වෙලාවේ මහරාජ කියල තියෙනවා ලංකාවේ අයට මෙහෙම වැඩක් කරන්න බැ කියල. ඒ නිසා එතුමා මේ මන්දිරය හදන්න හිතට අරන් තියෙනවා. මන්දිරයට ඇතුල් වන තාප්පයේ ඉතා විශාල තොරණක් සහිත එකක්. ඒ තොරණ ඉතාමත් අලංකා එකක්. තාප්පයේ ලොකු අකුරින් Rechman casilt කියල ගහල තියෙනවා. ඒක සම්පුර්ණයෙක් කැබලි කරන ලද පිගන්ල්ගඩොල් වලින් තමයි කරල තියෙන්නේ.
මන්දිරය ඉදිරියට වන්නට පිළිම අඹල තියෙනවා. එහිදිද් විශේෂත්වයක් තිබෙනවා. පිරිමි ළමුන් මුදලිතුමාගේ කාමරය දෙසා බලා සිටින රූපත් ගැහැණු රූපයක් මන්දිරයෙන් පිටුපා සිටින ආකාරයත්ය. එහි අර්ථය මුදලිතුමා පිරිම දරුවෙකු අපේ්ක්ෂාවෙන් සිටි අතර බිරිදට දරුවන් නොමැති විමත් මෙහින් සංකේතවත් කර ඇත.
මේ මන්දිර අතුලත සිමාවේ ඊට මාර්ගොපදේශයක් ලබා දෙන අතර පුංචි ටිකට් එකකුත් ගන්න වෙනවා. දැනට මේ මන්දිය මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ තමයි පාලනය වන්නේ. මන්දිරය අශ්‍රයේ පිරිමි ළමුන් ස`දහා ළමා නිවාසයකුත් පවත්වාගෙන යනු ලබනවා. මේ මාර්ගෝපදේශය කරන තැනැත්තිය විසින් මේ මන්දිර ගැන මනාව විස්තර කරල දෙනවා. මන්දිරයේ අංගයන් වගේම මන්දිරය තනන්න ගෙනාව අමුද්‍රව්‍ය වගේම මුදලිතුමගේ විවාහ මංගල උත්සවය ගැන් විස්තර කරල දෙනවා.
මේ මන්දිරය මහල් දෙකකන් සමන්විත අතර කාමර 16ක් ඇත. උලූවහු 99ක් ජනේල 38 මෙහි අන්තර්ගතයි. විශේෂත්වය වන්නේ වතුර මලක් සහිත මැදමිදුලක් වගේම නාට්‍ය ශාලාවකුත් මෙහි තිබෙනවා. නාට්‍ය ශාලාවට කළු ගගෙන් එන සුළං ලබා ගැනීමට කවුළු සාදවා තිබෙනවා. ඒ කාලේ ්ක් නොතිබුණා උනත් ්ක් ත්ත්වයට සමාන සිසිලසක් ගෙනෙන්නට හොදින්ම සමත් වෙලා තියෙනවා.
මේ මාලිගාව විශේෂ දේවල් වන කැරකෙන පඩිපෙළ හා සාලයේ පිහිටා තිබෙන තප්පු පෙළ ජනාධිපති මන්දිරයේ තිබෙන පඩිපෙළට සමානයි. මේ ස්ථානය උදේ 9 සිට සවස 4 දක්වා මහජනතාවට විවෘතව තිබෙනවා.
Comentarios