සරදියල් සොයා කිව්වට සරදියල් මැරිල නේ. එහෙම නැත්තම් ඉංග‍්‍රිසින් විසින් එල්ලලා මැරුවනේ. ඒකත් එහෙම වෙද්දි උතුවංන්ද ප‍්‍රසිද්ධ වෙන්නේ සරදියල් නිසා. කෙටියෙන්ම කියනවා නම් සරදියල් හැංගිලා ඉදල තියෙන්නේ මේ උතුවංකන්දේ තමයි. සරදියල් ඉංග‍්‍රිසින්ට කොටුවෙලා තියෙන්නේ සදියල් ගලේදීම තමයි.
සරදියල් ගල පිහිටල තියෙන්නේ උතුවංකන්දේ. උතුවංකන්ද පිහිටල තියෙන්නේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ. කොළඹ ඉදල එනවා නම් කෑගල්ල එහෙම පහු කරල මාවනැල්ල දෙසට එනම් මොලගොඩ පහුවෙනවත් සමගයි. උතුවංකන්ද ඔරලොසුනුවට ටිකක් මෙපිටින් වම්පැත්තේ තියෙන කොන්ක‍්‍රිට් පාරේ ටික දුරක් යන්න ඕනේ.
උතුවංකන්ද එහෙම නැත්තම් සරදියල් ගල ගනින් යනවා නම් ඊට කලින් ඒ හරියෙම තියෙන සරදියල් ගම්මානය බලන්නත් පුළුවන්. ඒක රු 100 ටිකට් පතක් මිලදී ගත්තම ඇතුල් වෙන්න පුලූවන්. සිමෙන්තියෙන් සාදන ලද විශාල පරාසයක පැතිරි තිබෙන පැරණි ගම්මානයක අසිරිය ඔබටත් විඳගන්න පුලූවන්. එහිදි වඩාත් වැදගත් දේ තමයි ගම්මානය ගැන කියා දෙන මාර්ගොපදේශණය. ඉතාමත්ම රසවත්ව මේ ගම්මානය විස්තර කරල දෙනවා. ඒ වගේම මේ ගම්මානය බලාගෙන යනකොට සරදියල් කතා පුවත් යම් යම් ස්ථාන වලදි විස්තර කරල දෙනවා. ගම්මානය නරඹන්න පැයක් විතර යනවා. මේ ගම්මානය අවසානයේදී පිළිමයක කන්ද දෙසට අත දිගු කර පෙන්වන ආරච්චිල සහ අශ්වයා පිට සිටින සුදු ජාතිකකයෙකු සිටිනවා. ඒ සමගම අපිට නිතැතින්ම සරදියල් ගල එහෙම නැත්තම් උතුවංකන්ද නගින් හිතෙනවාම තමයි.
අපි ආපු වාහනේ මේ ස්ථානයේම දාල යන්න පුලූවන්. සරදියල් ගම්මානය දෙස සිට ආපසු ටික දුරක් ඇවිත් දකුණට තියෙන පාරේ ගමන් කල යුතුයි. මේ කන්ද අඩි 1410 පමණ උසින් යුක්ත වන කන්දක්. ටිකක් නගින්න අමාරුයි. එහෙම කියන්නේ සිග‍්‍ර බැව්ම් සහිත නිසයි. පරිස්සමින් තමයි යන්න ඕනේ. තනිකරම කැලේ මැදින් ඉහලට යන්න වෙනම අඩිපාරවල් තියෙන නිසා අතරමං නම් වෙන්නේ නැ. ගමන් මහන්සිය නිවා ගන්න තැන් තැන් වල පැතලි ගල් තලා එහෙමත් තියෙනවා. සමහර තැන් වලින් යනකොට හාත්පස ලස්සනට දැක ගන්නත් පුලූවන්. මේ විදියට යනකොට සරදියල් වාසය කරපු ගල් ගුහාවත් හම්බවෙනවා. ඒ ගල් තලාව අභ්‍යන්තරයේ ඇති ගුහාවට රිංග ගන්න නම් වෙනවා. බඩගාගෙන තමයි යන්න වෙන්නේ. මේ විදියට අඩි 30 විතර ඇතුලට යන්න පුලූවන්.මේක ඉතා අපහසු වුවත් සරදියල්ට නම් ඉතා පහසුවෙන් ගමන් කරන්න පුළුවන් කියලත් කියවෙනවා.
ගල මුදුනට නැග්ගම තවත් කදු ගැටයක් දක්නට ලැබෙනවා. ඒ කදු ගැටයත් ටිකක් මහන්සි උනොත් නගින් බැරිකමක් නැ. කදු මුදුනට නැගල අංශක 360 ම දැක බලාන්න පුළුවන්. විශේෂයෙන් කෑගල්ල නගරය මාවනැල්ල නගරය එහෙම ලස්සනට දැක ගන්න පුළුවන්. ඒ වගේම බතලේගල දෙවනගල වගේ කඳුත් ඉතාම පැහැදිලිව දැකගන්න පුලූවන්.
Comments