සීතාවක කියන්නේ කොළඹ ඉදල ඉතාමත්ම ලේසියෙන් ලඟාවිය හැකි විවේකිව ගත කරන්න පුලූවන් ඉතාමත් ආකර්ශණීය තැනක්. මාතෘකාවේදී කිව්ව වගේම මේ ස්ථානය අනික් තැන්වලින් ඒ කියන්නේ ලංකාවේ තියෙන උද්භිද උද්‍යාන වලින් විශේෂ වන ස්ථාන ලෙසයි. සීතාවක තෙත්බිම් උද්‍යානය තමයි මේ ස්ථානයට කියන හරිම නම.
පිහිටිම ගැන සඳහා කරනවා නම් මේ අවිස්සාවෙල්ල ඉලූක්ඕවිට. යන පාර හරියටම කියෙනවා නම් පුවක්පිටිය දුමිරිය ස්ථානය ලගින් දකුණට හැරිල තුන්මොදර පුවක්පිටිය මාර්ගයේ 3.6 km විතර යන්න ඕනේ.
සිතාවක උද්භිද උද්‍යානය ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව අයටත් වෙනවා. 2008.මාර්තු 14 තමයි මෙහි ඉදිකිරිම් ආරම්භ වෙලා තියෙන්නේ. තේවත්තක් හා රබර් වත්තක් මැදින් තමයි මේ උද්භිද උද්‍යානය පිහිටල තියෙන්නේ. මෙහිදි තැනිතලා බිමක්ද කදු සහිත ප්‍රදේශයක්ද වශයෙන් පිහිටල තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ එකම viwe point එකක් සහිත උද්භිද උද්‍යානය වන්නේ මේ උද්‍යානයයි. පහත තැනිතලා කොටසේ වැවක්ද ඉදි කරල තිබිම විශේෂයි.
උද්භිද උද්‍යානයට ඇතුල් වීමේදී රු60ක ටිකට්පතක් මිලදී ගන්න වෙනවා. ඇතුල් වෙන ස්ථානයේ වැසිකිලි පහසුකම් ආපන ශාලා පහසුකම් එහෙම තියෙනවා. ඉතාමත්ම අලංකාරව වැව දිස්වෙන්නේ මේ ස්ථානයට තමයි. අපේ ගමන ආරම්භ කරනවා නම් අලංකාරව නිර්මාණය වෙලා තියෙන කොංක්‍රිට් මංතිරු දිගේ ඇවිදගෙන යන්න පුළුවන්.එහෙම යන විට විශාල ප්‍රමාණයේ ගස් විලන් හා රෝස ඩේලියා සිනියස් උඩවැඩියාවගේ මල් වගාවන් දැගන්න පුලූවන්. විශේෂත්වයවන්නේ ඒවා මලින් බරවෙලා තිබිමයි. මෙසේ ගොඩක් මල් වර්ග නිසි නඩත්තුවකින් යුක්තව පවත්වාගෙන යනවා.
මීළඟට තියෙන්නේ ලොකු ගස් තියෙන කලාපයක්. එහි පහතරට තෙත් කලාපයට අයත්වන තුරුලතා වලින් සමන්විතයි. සෙවන සහිත නිසා මාර්ගයේ ගමන් කිරීම වැඩි විඩාවක් නැ. ඒත් කඳු සහිත කොටස නම් ඇවිදින්න ටික් විතර මහන්සී. උදෙන්ම යන්න පුළුවන්නම් කුරුල්ලොත් දැකගන්න පුළුවන්. මේ විදියට මුදුනටම ගියාම රෝස උයන දැකගන්න පුළුවන්. මනා නඩත්තුව නිසා මලින් බර වෙලා තමයි තියෙන්නේ. ඒ විදියට රෝස උයන පසු කළාම අර මම මුලින් කියපු ඩසැඅ චදසබඑ එකට යන්න පුළුවන්. එතනට මුළු උද්භිද උද්‍යානයම අලංකාරවත්ව පේනවා. වැව නිසා ඒ අලංකාරය තවත් වැඩී. අලංකාරවත්ව ඉදිවෙලා තියෙන ිමපපැර යමඑ එක නිසා පොටෝ ගහන්න නම් නියම තැන. එතනින් පහලට එනකොට ආපහු තැනිතලා ප්‍රදේශයට එන්න පුළුවන්. ඒ පැත්තේ වැවට ආසන්නය හොඳින් සැලසුම් කර අලංකාරවත්ව ඉදිවෙලා තිඛෙනවා. විශේෂයෙන් ලස්සන පාළමක් තිඛෙනවා.
මේ උද්‍යානය විනෝදය සඳහා පමණක් නිර්මාණය වු තැනක් නෙමෙයි. පහතරට තෙත් කලාපයට අවේණික දුර්ලභ ශාක විශේෂ 100කට අධිකව දැක ගන්න පුළුවන්. විශේෂයෙන් වල්ලපට්ට බිම් පොල් මීවන වර්ග මෙහිදී දැක ගන්න පුළුවන්.
විනෝදය ස`දහා පැමිනෙන අයට වැවේ බොට්ටු සවාරියක් යන්නත් විශේෂයෙන් හංස බෝට්ටු පදින්නත් අවස්ථාව තියෙනවා. ඒවගේ පයින් ඇවිදගෙන යන්න අමාරු අයට ඒ ස`දහා සකස් කරන ලද ඉට්රොනික් වාහන එහෙම තියෙනවා. ඒ වගේම ගමන යන ගමන් මේ උද්භිද උද්‍යානය ගැන මාර්ගෝපදේශනයක් සැපයෙනවා.
නරඹන්න වගේම විවේකයක් ගන්නත් ඉගෙන ගන්නත් හො`ද තැනක්. ගන ගමන් නානන් එහෙම ඕනේ නම් ඒ අහල පහලම තමයි කුමාරි ඇල්ල තියෙන්නෙත්.