මාතෘකාවේදි කිව්ව වගේම අපිට වඩා ඇල්ල දකින්නේ විදේශිකයෝ. ලොකු බෑග් එල්ලගෙන එහෙම නැත්තම් ස්කුටර් වලින් එහෙ මෙහෙ යන විදේශිකයෝ ඕනේ තරම්. හරියට ලංකාව නෙමෙයි වගේ. කොළඹ ඉදල 200 km විතර ගියාම අපිට ඇල්ලට ලගා වෙන්න පුලූවන්. ඒ කියන්නේ පැය 6ක් විතර ගමනක් තියෙන්නේ. ඇල්ලට ගියාම නම් බලන්න බොහෝ දේ තියෙනවා. කොළඹ ඉදල යනවා නම් බලංගොඩ පැත්තෙන් යන එක ලේසි. ඒ වගේම ලස්සනයි.
ඇල්ල ගියාම ඉතා පොඩි පරාසයක් තුල බොහෝ දේ බලන්න පුළුවන් ලස්සන ප්‍රදේශයක්. ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය තැන් තමයි ඇල්ල රොක් , පුංචි සිරිපාදේ- රාවණා ගුහාව රාවණා ඇල්ල,` අරුක්කු නවයේ පාලම දෙමෝදර රේල් ගැටය කියන්නේ . මේවා පිලිවෙලින් එකට පස්සේ එකක් තියෙන ඒවා නෙමෙයි.
මුලින්ම යන්න තෝරගත්තේ ඇල්ල රොක්. ඇල්ල රොක් එහෙම නැත්තම් ඇල්ල ගල ඇල්ල සංචාරකයින්ගේ නොවරදින තැනක්. මේ ගල පුනාගල කදුවැටියේ අවසාන භාගයේ පිහිටා තියෙන්නෙ. ඇල්ල ගලට යන පාර ඉතාමත්ම ලස්සනයි. පයින් කැලැව මැදින් තමයි යන්න තියෙන්නේ. ඒ වගේම ඇල්ල ගලට නැග්ගම ත්‍රාසය භීතිය පිරුණු සතුට විදින් පුලූවන්.
එතනින් ආපහසු හැරුණු අපිට පුංචි ශ්‍රි පාදයට යන්න පුළුවන්. ඇල්ල නගරයේ ඉදල 3km ගියාම තියෙනවා පුංචි සිරිපාදයට. මේ කන්ද නගින්න පැයක් විතර යාවි. උස ගැන සදහන් කරනවානම් අඩි 4000ක් විතර උසකින් යුක්තයි. පුංචි සිරිපාදේ නගිනන්න පඩිපෙල් එහෙම හදල තියෙනවා. හරිම ලස්සනයි වගේම දේශගුණයත් නියමයි. එකපාරටම මිදුම ඇවිත් ප්‍රදේශයම වැහිල යනවා. සිරිපාදේ වගේම හැම පැත්තම පේනවා. රාවණා ඇල්ල මෙතෙන්ට ලස්සනට පේනවා. පුරාවෘත වල සදහන් කරන විදියට රාවණ රජු සුර්ය නමස්කාය කරල තියෙන්නේ මේ ස්ථානයේ සිටයි. ඉර බසින හා ඉර නැගීම පුංචි සිරිපාදයට ලස්සනට පේනවා.
එතැනිනුත් ආපසු හරුණාම අපිට රාවණා ගුහාව බලන්න යන්න පුලූවන්. රාවණා ගුහාව බලන්න යද්දි මුලින්ම හමුවන්නේ රාවණා ගුහාව පන්සලයි. එතන ඉදල පඩිපෙල ඔස්සේ උඩට නගින්න තියෙනවා පැයක් විතර. ගමටන පඩිපෙල් තියෙන නිසා ගමන එච්චර අපහසු නැ. රාවණා ගුහාව ඉතා විශාල එකක්. මනාව නිර්මාණය වෙලා තියෙනවා. ඇතුලට යන්න යන්න ගුහාවේ කලූවර වැඩි වෙනවා. වැඩිය ඇතුලට යන්න පොඩ්ඩක් අවධානම් නිසා එතනින් නැවතුනා නම් හරි.
එතනිනුත් ආපසු හැරුණු අපිට නැවත ඇල්ල නගරයට ආවොත් ඇල්ල වැල්ලවා පාරේ 6.5km විතර ගියාම පාර අයිනේම තියෙන රාවණා ඇල්ල බලන්න පුළුවන්. රාවණා ඇල්ල අඩි 82ක් උසින් යුක්තයි. රාවණා ඇල්ල වතුර වැඩි කාලයක නම් ඔබ යන්නේ නාන්න නම් හිතන්වත් එපා. රාවණා ඇල්ල පිටුපස කැලයේ රාවණා රජතුමා සීතා දේවිය සගවා තැබු බවත් සීතා දේවිය මේ ඇල්ලෙන් ස්ථානානය කරපු බවත් අසන්නට ලැඛෙනවා.
එතනින් හැරුණු අපිට මීල`ග සංචාක ස්ථාන බලන්න දෙමෝදර යන්න වෙනවා. දෙමෝදරට ගියාම බලන්න තැන් දෙක් තියෙනවා. එකක් තමයි දෙමෝදර ආරුක්කු නවයේ පාලම. අනෙක් දේ තමයි දෙමෝදර රේල් ගැටය. මුලින්ම ආරුක්කු නවයේ පාලම ගැන කියන්නම්. Nine arch කියන්නේ ගෘහනිර්මාණ අතින් ඉහලට ගණයේ වන නිර්මාණයක්. දෙමෝදර ඉදල 3 km විතර පයින් ගියාම තමයි මේ ස්ථානය ලගා වෙන්න පුලූවන්. මේ පාලම නිර්මාණය කිරීමේදී සුදු ජාතිකයන්ට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ කාලයේ ලෝක යුද්ධ පැවති සමයක් නිසා යකඩ අමුද්‍රව්‍ය ප්‍රශ්නකට මුහුණදී දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා දෙමොදර ආරුක්කු නවයේ පාලම ඉදිකරල තියෙන්නේ තනිකරම ගඩොල් වලින්. මෙහි ගෘහනිර්මාණ ශිල්පියෙකු න
වුයේ අප්පුහාමි කියල සිංහල කෙනෙක්. මේ නිර්මාණයේ විෂිශ්ඨත්වය බලන්න දේශීය විදේශීය සංචාරකයින් බොහෝ පිරිසක් එනවා. මේ පාලම මත හිදගෙන ඡායාරූපයක් ගන්න අමතක කරන්නත් එපා. ඒ වගේම පාලමෙන් මෙපිට කුඩා බිම්ගෙයක් තියෙනවා. එතැන් සිට යන්න අමත කරන්න එපා.
දෙමෝදර තියෙන ඊලග වටිනා ස්ථානය තමයි දෙමෝදර රේල් ගැටය. මේ ස්ථානයේ ඇරකුක් පාලමේ ඉදල 3km විතර තියෙනවා. මේ රේල් ගැටය කියන්නේ දෙමෝදර ප්‍රදේශයේ දුම්රියෙන් යනකොට කන්ද වටා රවුමක් ගිහින් යන අවස්ථාවක්. මේක නිර්මණය කල තියෙන්නේ ශ්‍රි ලංකිකයෙකුමයි. ඒ තමයි ඩී.ෙජ්. විමලසුරෙන්ද්‍ර මහතා. දුම්රිය මාර්ගය ඉදිකිරිමේදී අංශක 90 ක පමණ වංගුවක් ගන්නට වෙන නිසා එයට පිලියමක් විදියට තමයි මේ උපක්‍රමය යොදල තියෙන්නේ. මේ ස්ථානය රේල් ගැටයක් නිර්මාණය කරල තියෙන්නේ ඒකාලේ හිටපු ගොපල්ලෙක් ඔහුගේ තලප්පාව බසින විදිය පෙන්නලයි. එක යොදාගෙන තමයි මේ කන්ද වටා යන ක්‍රමය නිර්මාණය කරන්න හිතල තියෙන්නේ. කෝච්චියක් එන වෙලාවක් බලල ගියානම් මේ විශ්මය අත්දකින්න පුලූවන්.
මේ ටික බලන්න දවසකින් පුලූවන්. උදෙන්ම ආවෙත් එහෙම නැත්තම් මේ ගමන දවස් දෙකකට යොද ගත්තොත් හිතේ හැටියට නිවාඩු පාඩුවේ බලන්න පුලූවන්. මේ ආශ්වාද විඳ ගන්න නම් ඇල්ලටම එන් ඕනේ. ස්වාභාව සෞදර්ය විනෝදය ත්රාස්යය පිරි අත්දැකිම් විශ්මයජනක නිමැවුම් ආදිය එක පෙළට බලන්න පුලූවන් තැනක් තමයි ඇල්ල කියන්නේ.
Comments