top of page
Writer's pictureMaduranga Prasad

17.අසිරිමත් පොලොන්නරුව



පොලොන්නරුව කියන්නේ ඓතිහාසික ස්ථානයක් නිසා සංචාරකයින් සඳහා පොලොන්නරුව අත්විඳිය හැක්කේ ඉතිහාසය හා පුරාවිද්‍යාව සමඟයි. මේ චාරිකාව සදහා නම් විනෝදයට වඩා එහා ගිය අත්දැකිම් ලබන්නට පුලූවන්. පුජා නගරයක් ආශ‍්‍රය කොටගෙන යන නිසා අධ්‍යාපනය අරමුණු කරගත්ත එකක් වෙනවා මේ චාරිකාව නම්.


කොළඹ ඉඳල පොළොන්නරුවට පැමිණියේ නම් නුවරපාර දිගේ ඇවිත් අබේපුස්ස හන්දියෙන් හැරිලා කුරුණැගලට ඇවිත් ගලේවල පහුකරගෙන හබරනටත් ඇවිත් එතනින් හැරිලා 40km විතර ආවම පොලොන්නරුවට ලගා විය හැකි. පැය 5ක් 6ක් විතර වෙලාවක් මේ ගමන ස`ඳහා වැයවෙනවා. ගමන අතර මග ඉබ්බන්කටුව සුසානය එහෙමත් බලන්න එන්න පුළුවන්. පොලොන්නරුවට යන නිසා මැදිරිගිිය සෝමාවති දිඹුලාගල එහෙමත් යන්න පුළුවන්. එහෙත් මෙහිදි මම කියන්න බලාපොරෙත්තු වෙන්නේ පොලොන්නරුව පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳවයි.


අපිට මුලින්ම නරඹන්න යන්න පුළුවන් තැන තමයි ගල්කුලක් මත ගොඩනැගුණු අඩි 11යි අඟල් 6ක් උස ප‍්‍රතිමාවක්. මෙය නිශ්චිත වශයෙන්ම කාගෙද යන්න කියන්න අමාරුයි. ඒ පිලිබ`දව විවිධ මත තිබෙන එක කොටසක් පුලස්ති සෘෂිවරය හෝ අගස්ති සෘෂිවරයාත් අනෙක් කොටස පරාක‍්‍රමබාහු රජතුමාගේ යැයි සඳහන් කරනවා. අතින්දරා සිටින්නේ පුස්කොළ පොත්ද වියගහක් ද යන්න හදුනාගෙත නොහැකි බැවින් විවිධ මත පලවෙලා තිබෙනවා.


ඒ ස්ථානයේ ඉදල පයින්ම මීලග ස්ථානයට යන්න පුළුවන්. එතන තමයි පොත්ගුල් විහාරය. පොත්ගුල් විහාරය කවාකාර ගොඩනැගිල්ලක්. ඒ ගොඩනැගිල්ලට පිවිසිමට අලංකාරවත් පියගැටපොලක් තිබෙනවා. අතීතයේ පුස්තකාලයක් වශයෙන් පැවති බව මෙයින් සාක්ෂි සාධක හමුවෙනවා.


එතැනින් පිටත්වන අපිට පරාක‍්‍රම සමුද්‍රයයේ බැම්ම දිගේ ගියොත් නිශ්ශංකමල්ල රාජ සභාව හමුවෙනවා. මේ රාජසභාව අපට චිත‍්‍රපටවල දක්නට ලැබෙන විදියේ රාජසභාවක්. රජුගේ සිංහාසනයේ තේජස පෙන්වන සිංහ රූපයක් ඉදිරියේ ඇත. මෙහි ගල්කුල තබා ඇති ආකාරයෙන් රාජසභාවට පැමිණෙන අයට වෙන් වෙන්ව ආසන පනවා ඇති ආකාරය හඳුනාගත හැකිය.


මිලට අපිට පුරාවිද්‍යා සංකිර්ණය වෙත ගමන් කිරිමට හැකියාව ඇත. එහිදි පැරකුම්බා රාජමාලිගාව, ගල්විහාරය, වටදාගෙය, රන්කොත් වෙහෙරෙ, නිශ්ශංක ලතා මණ්ඩපය, තිවංක පිලිමගෙය, ලංකා තිලක විහාරය, දෙමල මහා සැය, ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති විශාලතම සෙල්ලිපිය වන ගල් පොත වගේ දේවල් බලන්න පුළුවන්.


මේ ස්ථාන වලින් අපිට මුලින්ම බලන්න පුළුවන් පැරකුම්බා රජතුමාගේ රජමාලිගාව, මේ මාලිගාව තට්ටු හතකින් නිර්මාණය වෙලා තියෙනවා ඒ වගේම කාමර 55ක අවශේෂ මෙහි දකගන්න පුළුවන්. එහෙත් එවකට මෙහි කාමර දහසක් තිබුණු බව කියවෙනවා, මාඝ නම් අක‍්‍රමණිකයන් විසින් මේ මාලිගාය ගිනිතබා විනාශකර තිබෙනවා.


මීලඟට අපිට නිශ්ශංක ලතා මණ්ඩපය වගේම වටදාගෙය, ගල්පොත, සඳකඩ පහණ, නරඹන්න පුළුවන්. සිංහල කලා ශිල්පින්ගේ කුසලතා මනාව පැහැදිලි වන තැනක් තමයි මේ. මේ නිශ්ශංකමල්ල රජතුමා මෙය ඉදිකර තිබෙනවා. දළදා වැ`දිම ස`දහාත් පිරිත් ඇසීම ස`දහාත්ය මේ ඉදිකිරිම කර තිබෙන බවයි පැවසෙන්නේ.

වටදාගෙය රව්ම් හැඩයේන් යුක්ත ගොඩනැගිල්ලක්. පොලොන්නරුවට පැමිණෙන බැතිමතුන් සිත ආකර්ෂණය කරන ප‍්‍රධානතම ස්ථානය වශයෙන් මේ ස්ථානය හදුනාගත හැකී. මෙම නිර්මණය නිශ්ශංකමල්ල රජතුමාගේ නිර්මාණයක් බව සැලකනවා. එ වගේම මිළගට ඇත්තේ ගල් පොතයි. දැනට දිවයිනේ තිබෙන විශාලතම සෙල් ලිපිය මේ ගල් පොතයි. මේ ගල් පොත මිහින්තලය ප‍්‍රදේශයේ සිට මෙහි ගෙනඑන ලද බව සැලකෙනවා. එය කෙසේ සිදුවුයේ දැයි ප‍්‍රශ්නයක් තමයි.


මිළඟට අපට ගමන්කල හැකි වන්නේ ගල් විහාරයටයි. ගල් විහාරය මහා පරාක‍්‍රමබහු රජතුමා විසින් කරවන ලද්දක් ලෙසින් සැලකේ. මේ ස්ථානයේ සමාධි පිලිමය දෙකක් හිටි පිලිමයක් සහ පරිනිර්වාණ පිළිමයක් දක්නට ලැබෙනවා. ලොකු සමාධි පිළිමය උස අඩි 16ක් පමණවේ. කුඩා සමාධි පිළිමය අඩි 4ක් හා අ`ගල් 7කින් යුක්ත වේ. පරිනිර්වාණ පිළිමය අඩි 23ක් උසින් යුක්තවේ. පරිනිර්වාණ පිළිමය අඩි 46 ක් පමණ වනවා. මේ ස්ථානයට හවසට එන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා. මොකද අව්ව වෙලාවක ගියොත් වන්දනා කරන්නත් ඒ විශ්මය නරඹන්නත් අපහසු වෙනව නේ.


මිළඟ ස්ථානය තමයි තිවංක පිළිමගෙය. ඒ පාරෙදීම දෙමළ මහා සැයත් බලන්න පුල්වන්. තිවංක පිලිම ගෙයත් මහා පරක‍්‍රමබහු රජතුමා විසින් නිර්මාණය කරන ලද්දක්. පොලොන්නරු යුගයේ බිතුසිතුවම් බොහෙමයක් දක්නට තිබෙනවා. ගොඩනැගිල්ලක් වශයෙන් බොහොසෙයින් ආරක්ෂා වි ඇති බවත් දැකගත හැකිවේ. මේ පිලිමගෙයි හිටිපිලිමයක් ඇත. ඒ පිළිමයේ දෙදන උකුල හා උරහිස යන තැන් තුනම නැමුනු නිසා තිවංක ලෙස හදුන්වා තිබෙනවා. ඒ පාරෙන්ම ආපසු ආවෙත් දෙමළ මහා සැය දැකබලා ගන්න පුළුවන්. පරක‍්‍රමබාහු රජතුමා පාණ්ඩ දේශයන් ගෙන එන ලද සිරකරුවන් විසින් සාදවන ලද නිසා දෙමළ මහා සැය ලෙස හදුන්වා තිබෙනවා. මේ ස්තුපයේ භාගයක් ඉදිකර ඒ මත කුඩා ස්තුපයක් ඉදිකර තිබෙනවා. ඒ නිසා දෙමළ යනුවෙන් හදුන්වා ඇත්තේ දෙමහල් යන බවටත් මතයක් පවතිනවා.


මේ පුරාවිද්‍යා භුමියෙන් වඩාත් ආකර්ශණය දිනාගන්නා තවත් ස්ථානයක් වන්නේ රන්කොත් වෙහෙරයි. රන්කොත් වෙහෙර ඉදිකරවා තිබෙන්නේ නිශ්ශංකමල්ල රජතුමා විසිනුයි. වට ප‍්‍රමාණයෙන් අඩි 550පමණ වන අතර උස අඩි 180ක් පමණ වෙනවා. මේ ස්ථානයේ වැලි මලූව දිගේ ඇවිදගෙන යනවා නම් ඒ සදහා සවස් භාගය නම් ඉතාමත්ම සුවදායි වනවා. හතරවටින්ම පැමිණෙන සුලග නිසා ගතට අශ්වාදයක් ගෙනදෙයි.

මේ ගමන අවසන් කරනවා නම් තවත් එක් දෙයක් සම්පුර්ණ විය යුතු වෙනවා. ඒ තමයි පරක‍්‍රම සමුද්‍රය නැරඹිමට හා ස්නානය. මෙය එක් වැවක් නොවේ. සංකිර්ණ වනවා. මේ වැවෙන් නාගෙන ගියේ නැතුව චාරිකාව අඩුවක් වන නිසා ගමන් මහන්සිය මකාගන්න එය ඉතාමත්ම වැදගත් වනවා.


මේ විදියට චාරිකාව අතරේ ඔබට කෞතුකාගාර කිහිපයක්ම හමුවෙනවා. ඒ අතුරින් මධ්‍යම සංස්කෘතික අරමුදලේ වගේම ජාතික කෞතුකාගාර දෙපාර්තමෙන්තුවට අයත්වන පුරාණ තාක්ෂන උරුම කෞතුකාගාරය බලන්නත් අමතක කරන්න එපා. චාරිකාව ස`දහා දින දෙකක් යොදා ගත හැකි නම් මේ සියල්ල රිසි ලෙස නරඹන්නත් විවේකිව ගත කරන්නත් ඔබට අවස්ථාවක් තිබෙනවා.



8 views0 comments

Recent Posts

See All

Kommentare


bottom of page