(ගංගාරමය, ගෝල්ෆේස්, විහාරමහාදේවි උද්‍යානය, නිදහස් චතුරස්‍රය, ජාතික කෞතුකාගාරය, ග්‍රහලොකාගාරය)
කොළඹ නගරයේ සංචාරය ස`දහා ඉතාමත්ම සුදුසු නගරයක්. කොළඹ නගරය එක දවසකින් නරඹල ඉවර කරන්න පුලූවන් තැනක් නම් නෙවෙයි. ඒ නිසා මේ සංචාරය කොටස් කිහිපයකට වෙන්කරල සංචාර කිහිපයකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් අය හිතන් ඉන්නේ කොළඹ වටේ රව්මක් යන එක පොඩි අයගේ ටි්රප් එකක් කියල. ඒත් අධ්‍යනය අතින් ගත්තත් විනෝදය අතින් ගත්තත් ගොඩක් වටිනවා.
මේ සංචාරය ස`දහා මම යොදා ගන්නේ විනෝදය මෙන්ම අධ්‍යාපනයය පදනම්වු ස්ථාන කිහිපයක්. ඒ අතර ජාතික කෞතුකාගාරය, ග්රහලෝගාරය අධ්‍යනය සදහාත් විවේකය ස`දහා නිදහස් චතුරස්රයත් හා විහාරමහාදේවි උද්‍යානයත් විනෝදය ස`දහා ගාලූමුවදොරත් යොදා ගන්නන පුලූවන්.
මේ සංචාරයෙදී අපිට පෞද්ගලික වාහනයක් වගේම පොදු ප්‍රවාහන සේවය යොදාගන් පුළුවන්. මුලින්ම පූජනීය ස්ථානයක් අපේ ගමන ආරම්භ කරන එක හොද නිසා අපි මුලින්ම ගංගාරාමයට යමු. ගංගාරාමය කියන්නේ දේශීය විදේශීය සංචාරකයින් අතර නමක් දිනා ගත්ත තැනක්. ගංගාරාමය විශේෂ පන්සලක් වන්නේ වෙනත් පන්සල් වලට වඩා සුවිශේෂි දේවල් තියෙන නිසයි. වැදපුදා ගැනීම් වලට අමතර බලන්න ගොඩක් දේවල් පන්සලේ තියෙනවා. හරියට කෞතුකාගාරය් වගේ. හාමුදුරුවන්ට පරිත්‍යාග වශයෙන් ලැබුණු බොහෝදේ එහි තිඛෙන නිසා වෙනස්ම අත්දැකිමක් පන්සලකින් ලබන්න පුලූවන්. විශේෂයෙන් පරණ කාර් එකතුවක් වගේම අත් ඔරලෝසු කැමරා කාසි වගේ දේවල් ඇතුලත් වෙනවා. ගංගාරමය වැ`දපුදාගත් අපිට බොරේ වැව ල`ග තියෙන සීමාමාලකය දැකගන්න පුලූවන්. රාත්‍රි කාලයට ඉතාම ලස්සනට දිස්වෙනවා. සිමා මාලකයේ තියෙන බුදුපිලිම වහන්සේලා සමුහය කාගෙත් නෙත් පැහැර ගැනීමට සමත්. ඒ වගේම තමයි නෙළුම් කුළුනත් ඉතාමත් ලස්සනට බේරේ වැව ල`ගට ලස්සනට පේනවා. එතනම එහා පැත්තේ එල්ලෙන පාලමකින් යන්න පුළුවන් දුපතක් තියෙනවා. කොටුවෙ ඉ`දල නම් ඔබ එන්නේ ඔබට 100, 101 වගේ බස් වල එන්න පුලූවන් ගංගාරාමයට.
මීලගට අපිට යන්න පුලූවන් කොළඹ ජාතික කෞතුකාගාරය සහ ස්වභාවික විද්‍යා කෞතුකාගාරය බලන්න. ගංගාරමය ඉ`දල පයින් යන දුරක තමයි කෞතුකාගාරය පිහිටල තියෙන්නේ. හරියටම කියනවා නම් 1 km විතර එපිටින්. කොළඹ කෞතුකාගාරය කියල කියන්නේ අපේ උරුමය තැන්පත් කරල තියෙන තැනක්. ලංකාවේ යුගයන් අනුව පුරවස්තු මෙහි තැන්පත් කරල තියෙවා. එහිදි ප්රාග් ඓතිහාසික යුගය අනුරාධපුර පොළොන්නරු යුගය සංක්‍රාන්ති යුග වගේම මහනුවර යුගය මෙහි නිරුපණය වනවා. මීට අමතරව ගල් කැටයම්, සිතුවම්, ඇදුම් අයිත්තම්, පිගන් භාණ්ඩ, මිල මුදල්, ආභරණ අවි ආයුධ, වෙස් මුහුණු හා කෘෂිකර්මය ආදි වශයෙන් මැදිර 16කින් යුක්ත වෙනවා.
මෙහි ඉතිහාසය පිලිබදව සදහන් කරනවානම් කොළඹ කෞතුකාගාරය ආරම්භ වන්නේ 1877 වර්ෂයේයි. මුලිකත්ව ගෙන කටයුතු කරනුයේ විලියම් ග්‍රේගරි ආණ්ඩුකාරතුමයි. එවකට ඉංග්‍රිසින්ගෙන් ලැබුණු යහපත්ම දායාදයක් වන්නේ මෙයයි. ඉතාමත්ම වටිනාකමකින් යුක්තව අදටත් අභිමානයෙන් මේය මහජනයා සදහා විවෘත කර තිඛෙනවා.
මීට අමතරව ස්වභාවික විද්‍යා කෞතුකාගාරය මේ ස්ථානයේදීම දක්නට ලැඛෙනවා. විද්‍යා විෂයන්ට අයත්වන පරිදි මේ ස්ථානයේ මහජනතාව සදහා ඉදිවී තිඛෙනවා. සත්ව විද්‍යා, භු විද්‍යා, උද්භිද විද්‍යා, ආදි විෂයන්ගෙන් සමන්විත මැදිරි දැකගත හැකි වනවා. මේ ස්ථානයේ සුවිශේතම අංග අතර දළදා වහන්සේ අවස්ථා කිහිපයකදීම වැඩම කරන ලද මිල්ලංගොඩ හස්තිරාජයාගේ අස්ථී සැකිල්ල දැක ගන්න පුලූවන්. ඒ වගේම කා අතරත් ප්‍රසිද්ධ යෝධ නිල්තල්මසාගේ අස්ථී සැකිල්ල මෙහිදි දැක බල ගත හැකි වනවා.
මෙතැනින් ඉවත් වන අපිට ඒ අසලින් හමුවන්නේ විහාරමහාදේවි උද්‍යානයයි. විහාරමහා දේවි උද්‍යානයට ඒ නම හිමි වන්නේ 1956 වර්ෂයේදී බුද්ධ ජයන්ති සැමරුම වෙනුවෙනි. මීට කලින් මෙම උද්‍යානය වික්ටෝරියා උද්‍යානය වික්ටෝරි උද්‍යානය වශයෙන් හදුන්වාදී ඇත. වික්ටෝරියා උද්‍යානය ආරම්භ වන්නේ 1810 තරම් ඈත යුගයේදීයි. අතිතයේදී මෙහි පුංචි කෝච්චිය ධාවනය වෙලා තියෙනවා. අදටත් ඒ රෙල්පාරවල් දැක ගන්න පුළුවන්. සුවිශේෂි වශයෙන් පුරහලට මුහුණලා තිඛෙන බුදුපිලිම වහන්සේ එල්ලෙන පාලම, සතුටු උයන, දැකගන්න පුළුවන්. මුළු භුමියයම ගත්තොත් අක්කර 40ක පමණ වන නිසා නිදහස් පරිසරයක් බාල මහළු භේදයකින් තොරව නිදහසේ සැරිසරන් මේ උද්‍යානය කියාපු තැනක්.
මේ අසලම තමයි නෙලූම් පොකුණ පිහිටල තියෙන්නෙත්. අපේ මීල`ග ස්ථානය පිහිටල තියෙන්නෙත් ඒ අසලම නිසා අපට නිදහස්චතුරස්රයට නෙලූම් පොකුණ ඉස්සරහින් පිහිට පාරේ කෙලින්ම ගියාම යන්න පුලූවන්. නිදහස් චතුරස්‍රය කියන්නේ 1948 වර්ෂයේදී නිදහස දිනා ගැනීම වෙනුවෙන් ඉදිකරන ලද අනුස්මරණ ගොඩනැගිල්ලක්. මේ ගොඩැනගිල්ලේ ආකෘතිය මහනුවර මගුල් මඩුවෙහි ආකෘතිය පදනම් කොටගෙන නිර්මාණය වෙලා තියෙනවා. මේ ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ ශිල්පය අතින් ඉහලතම නිර්මාණයක්. මේ ස්ථානය නරඹනවා වගේම මේ ස්ථානයේ තියෙන නිදහස අනුස්මරණ කෞතුකාගාරයත් නරඹන්න් අමතක කරන්න එපා.
ටික වෙලාවක් එතනින් විඩා නිවා ගන්න අපිට මිළ`ග ස්ථානයටත් පයින්ම යන්න පුලූවන්. ඒ තමයි ග්‍රහලෝකාගාරය. ග්‍රහලෝකාගාරය නරඹනවා කියන්නේ ඒ ගෙගාඩනැගිල්ලේ අරුමය නරඹන එක විතරක් නෙමෙයි. එහි පවත්වන වැඩසටහනට සහබාගි වන එක තමයි වැදගත් වන්නේ. ඒ සදහා වෙන් කරන ලද වේලාවක් බලලා ගියොත් වෙනස් අත්දැකිමක් ලබා ගන්න පුලූවන්. මේ ගොඩනගිල්ල ඉදි කරල තියෙන්නේ 1965 වර්ෂයේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව විසිනුයි. මෙහි විශේෂ වශයෙන් තාරකා විද්‍යාව අභ්‍යාවකාශ විද්‍යාව රාත්‍රි අහස පිලිබදව ප්‍රදර්ශනය කිරිම ස`දහා ඉදිකරන ලද ප්‍රේක්ෂකාගාරයක් ලෙසයි ඉදිවෙලා තියෙන්නේ. මෙහි 500 දෙනෙක් සදහා ආසන පහසුකම් මෙහි තිඛෙනවා. මෙහි දර්ශන අගහරුවාදා සිට ඉරිදා දක්වා උදේ 10.00 සහ සවස 2.00 දක්වා වාර 2ක් ක්‍රියාත්මක වනවා.
මේ ටික බලල ඉවර වෙනකොට අපිට අනිවාර්යෙන්ම හවස් වෙලා තියෙවි. ඒ නිසා සවස් භාගය අශ්වාදජනක ලෙස ගත කරන්න නම් ගාලූමුවදුර එහෙම නැත්තම් ගොල්ෆේස් එකට යන්න පුලූවන්. ගොල්ෆේස් එක 1853 වර්ෂයේදී හෙන්ඩ්ර වෝඩ් ආණ්ඩුකාරතුමා ළමුන් සහ කාන්තාවන් විවේකය පිණිස පිහිටුවා තිඛෙනවා. එසේම එවකට තුරග තරග ස`දහා යොදාගෙන තිඛෙනවා. සවස්යාමය නිදහසේ සැරිසරන්න මුහුදු සුලෙ`ග් ආශ්වාදය වි`දින්නත් ඉතිං නියම තැන. වඩේ එකක් රස වි`දල විනෝද වෙල ගෙවල් බලා යන්නත් අමතක කරන්න එපා.
Comments