ලූල් කඳුරට
ලූල් කදුර කියන නම ඒ තරමට ඔබට හුරු නැතුව ඇති. ඒත් ලූල් කඳුර තමයි පළමු තේ පැලය රෝපණය කරපු තේ වත්ත පිහිටල තියෙන ප්‍රදේශය. ලූල්කදුර පිහිටල තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ. හරියටම කියනවා නම් දෙල්තොට නගරය ආසන්නයේ. ඔබ කොළඹ ඉඳල පැමිණෙන අයෙකු නම් පොරදෙණිය ගලහ මාර්ගයේ පැමිණ දෙල්තොට නගරයෙන් හේවාහැට මාර්ගයේ 7 Km පමණ යායුතුයි. එතන තියෙන කොවිල අසලින් ලූල් කදුර වතු යායට අතුල් වෙන්න පුලුවන්. පොඩි ටිකට් එකක්ගන්නත් තියෙනවා.මහ ගානක් නැ. ඒකත් ගන්නේ වාහනේට විතරයි. පාර ටිකක් කැඩිල නිසා ගමනට ගොඩක් වටින්නේ ඩිමෝබට්ටෙක් තමයි. මොකද වාහනේ යට වදින්න පුලූවන්. ඒ තරමටම පාර අබලන්. පුලූවන්නම් දෙල්තොට හරියේ ආපු වාහනේ දාල ඩිමෝ බට්ටෙක් සොයා ගන්න. ගමනට නියමයි. වෙනස්ම අත්දැකීමක් වේවි.
ලූල් කඳුර සංචාරයට පෙර මෙහි වැදගත්කම පොඞ්ඩක් පැහැදිලි කර ගන්න එක වටිනවා. ලංකාවේ කෝපි වගාව අභාවයට යමින් තිබුණු කාලයක ඒ කියන්නේ 1867 වර්ෂයේදි මුලින්ම තේ පැලයක් අත්හදා බලපු තැන තමයි මෙතන. මෙහි පුරෝගාමියා උනේ ජෙම්ස් ටේලර් කියන සුදු ජාතික මහත්තයා. මහත්තය කියල විශේෂයෙන් කිව්වේ අපේ ප්‍රධාන අපනයන බෝගය වන තේ වගාව හදුන්වාදුන් නිසයි.
දැන් කියන්න යන්නේ අපේ සංචාරය ගැන. ඉතාමත්ම මනස්කාන්ත දර්ශනයක් පසුකරමින් තේ වගාවන් අතරින් යන ගමන ඉතා අශ්වාදයනකයි. නුවරඑළිය නොවුනට නුවරඑළියේ සිසිලස දැනේවි. මේ විදියට 5km විතර ගියාම තමයි අපිට අපේ ගමනාන්තයට ලගා විය හැක්කෙ. ගමනාන්තය කියන්නේ අපි බලාපොරොත්තුවු පළමු තේ පැලය බලන්න. බොහෝ අය පවසන පරිදි දැන්න නම් තේ පැලය බලන්න බැ. එහෙත් මේ ගමන තුල අපිට බොහොමක් දැ දැක බලා ගන්න පුලූවන්. අපි පැමිණ තියෙන තැන ඔවුන්ගේ භාෂාවෙන් කියනවා නම් කොන්ඩගල ඩිවිශන් එක. කොන්ඩගල කිව්වම කදුනගින්න පුරුදු කෙනෙකෙුට නම් මතක් වෙන තැනක්. ඔව්ඒ කොන්ඩගලට යන්න තියෙන්නේ මෙතනින් තමයි. මේ දුර නම් අපිට පයින් තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ තේ වතු මැදින් වැටිල තියෙන පොඩි ගුරු පාරකින්.
මේ ඔස්සේ මද දුරක් ගිය පසු ජෙම්ස්ටේලර් මහතා භාවිත කරපු දැන් නටඹුන් වෙලා තියෙන ඔහුගේ බංගලාව දැක ගන්න පුලූවන්. ඒ බංගලාව හදල තියෙන්නේ කලූ ගල් වලින්. අද වන විට නරඹුන් බවට පත්ව තිබුණත් ඉතාමත් හොඳ තත්වයෙන් සංරක්ෂණය කොට මහජනතාවට දැක බලා ගන්න මේ වත්ත භාරකරුවන් පියවර ගෙන තියෙනවා. ඒ අසලම ඔහු භාවිත කරන ලද ලිඳක් එහෙම දැකගන්න ලැබෙනවා.
දැන් තමයි අප බලාපොරොත්තු වුන ඒ තේ වගාව පිහිටල තියෙන තැනට යන්න පුලුවන්. අක්කර 5ක් පුරා ඔහු විසින් හදුන්වාදීමක් වශයෙන් රෝපණය කරනු ලැබු තේ ගස් අදටත් දක්නට ලැබෙනවා.ඒ තේ ගස් දැං රබර් ගස් තරමටම විශාලව වැඩිල තියෙනවා. විශාල ගස් සහිත කැලැවක යනවා වගේ තමයි මේ ගමන අපට දැනෙන්නේ. හරිම විශ්මයජනකයි. අපි දැකල තියෙන තේ ගස් වගේ නෙමෙයි නිසා විශ්වාස කරන්නත් බැරි තරමි.
අපිට වර්ථමානයේ පළමු තේ ගස නම් දැක ගන්න ලැබුනේ නැ. ඒ පිලිබඳව විවිධ මත තිබෙනවා. එක් මතයක් තමයි ජෙම්ස් ටේරල් මහත්ගේ ඥාතින් මේ ගස රැගෙන ගිය කතාව. ඒත් එහි සත්‍යතාවය නම් සොයා ගන්න බැ. නැවත අපට පටන්ත්ත ගත්ත තැනට ආවම පුලූවන් ලිප්ටන් සීට් වගේ ජෙම්ස් ටේලර් සිට් එක බලන්න. ජේම්ස් ටේලර් සිට් එක තියෙන්නේ ඒ ලගපාතමයි. ඒ ස්ථානයට යන්න බෝඞ් සවි කරල තියෙනවා. වාහනෙන්ම එතැනට යන්න පුලුවන්. මේ ස්ථානය ඉතාමත් ආකාර්ශණියයි. මේ සිට් එක ගලෙන්මයි නෙලල තියෙන්නේ. ජේම්ස් ටෙලර් මහත්තයා මේ ස්ථානයේ සිට සිය වගාව නැරඹු බවත් තේ වගාව පිලිබඳ සැලසුම් සකස් කර තිබෙන බව සදහන් වනවා. ඔබටත් මෙම ස්ථානයේ ඉදගෙන ඒ අශ්වාදය විඳගන්න පුලූවන්. හරිම ලස්සන තැනක් මුළු වත්තම අංශක 360ක දර්ශණපතයක් මෙතැනින් බලා ගන්න පුලූවන්.
මේ අත්දැකීමත් විඳගත්තයින් පසුව අපට ගමන අවසන් කරන්නහැකි. එහෙත් තවත් එක් තැනක් අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ තමය ජෙම්ස්ල ටේලර් මහතා සිහිවන්නට පිහිටුවලා තියෙන පිලිරුව. එය පිහිටල තිවෙයන්නේ වතු යායෙන් එපිටයි. වතුයායෙන් එලියට පැමිණි පසු හේවාහැට පැත්තට වන්නට 500mකින් තමයි ඒ පිලිරුව තියෙන්නේ. එතනට ගිහින් සමරු ඡායාරුපයක් ගත්තට පස්සේ තමයි අපේ ගමන නිමා වෙන්නේ.
Comments