Trip එකක් යන්නත් දැනගෙන යන එක වටිනවානේ. ඒක නිසා මේකත් කියවල බලන්න කට්ටිය.
චාරිකා එහෙම නැත්තම් trip යන්න අපි හැමෝම කැමතිනේ. ඈත අතීතයේදී මේවා වන්දනා ගමන් කියල තමයි හැදින්නුවෙ. ඒ කියන්නේ දැන් වන්දනා ගමන් යන්නේ නැ කියන එක නෙමෙයි. වන්දනාවේ ගිය අපේ මුතුන්මිත්තෝ දේපල එහෙමත් ලියල තියලලූ වන්දනාවේ ගිහින් තියෙන්නේ. ඒ වගේම වට වන්දනාවේ යනවා කියලත් වන්දනාවේ ගිහින් තියෙනවා. ඒ කාලේ පයින් ගිය නිසා ගොඩක් කාලයක් වන්දනා ගමන් වලට ගිහින් තියෙනවා. කැලෑ මැදින් යන ගමන් දුෂ්කර වගේම අභියෝගිත්මක වන්නට ඇති. ඒ හින්ද තමයි දේපල පවා ලියල තියල යන්න ඇත්තේ.
ඔහෙම ගිය වන්දනා ගමන් කාලයත් සමග කරත්ත දක්වාම පැමිණිල තියෙනවා. ඒ ගමන් පිළිබඳව සොදුරුතම අවස්ථා කතා පොත්වල ලියවිලා තියෙනවා. ගම්පෙරලිය නවතකාවේ පියල්ගේ ආරාධනාවෙන් පරගොඩ පන්සල් යන නන්දා මාතර හාමිනේ ඇතුලූ පිරිස මෙතනදි සිහිපත් වෙනවා. තවමත් අප සතුව නොනැසි පවතින වන්දනා සාහිත්‍යක් අප තියෙනවානේ. විශේෂයෙන්ම තුන්සරණ කියමින් ගමන් කිරීම ඉතාමත්ම රසවත් අත්දැකීමක්. අපේ අතීතයේ නම් තුන්සරණ පිළිබඳව මතකක් අපිට නම් තියෙනවා. අදටත් සිරිපාදේ යනකොට ඒ බව අපට සිහිපත් වෙනවා.
වර්ථමානය දෙසට හැරුණාම අපිට චාරිකා යන්න විවිධ වු ආකාරයෙන් අවස්ථා තියෙනවා. එතනදී බස් වෑන්, වගේම බයිසිකල්, කොච්චිය, බෝට්ටු ආදිය යොදා ගන්න පුළුවන්. මේ විදියේ මාධ්‍ය කිහිපයක්ම යොදාගන්න අපට trip යන්න පුලුවන්. එතනදී පෞද්ගලික වාහන මෙන්ම පොදු ප්‍රවාහන මාධ්‍ය යොදා ගනත් පුළුවන්. ඔබගේ පහසුව මත තමයි ඒ තොරා ගැනීම කරන්න ඕනේ.
ඒ වගේම අපි චාරිකාවක් යනකොට එක් දවසක්ද දවස් දෙකක්ද එහෙම නැත්තම් දවස් තුනක්ද එහෙමත් නැත්තම් ඊටත් වැඩි දවස් කියල යන්න තිරණය කරන්න වෙනවා. ගමනට සඳහා වැයවෙන කාලය මත දින ගණන තිරණය කල හැකී. ඒ වගේම අපි යන trip වලට අනුව සහබාගිවෙන පුද්ගලයන්ගේ ගණන අනුවත් කොටස් කිහිපයකට වෙන්කරගත හැකි වෙනවා. මෙතනදී පවුලේ චාරිකා, මිතුරන් සමග යන චාරිකා පවුල් කිහිපයක් එකතුවෙලා යන චාරිකා විදියටත් වර්ග කරන්න පුළුවන්.
මේ විදියට චාරිකා වර්ග කල පසු ඔබට ස්ථානය තීර්ණය කළ හැකී. එකට නම් මොනතරම් නම් ස්ථාන ලංකාවේ තිබෙනවාද. එතනදී ඔබගේ අරමුණ නිවාඩුවක් ගත කිරීමට නම් හෝ පුජනීය ස්ථානයක් වැදපුදා ගැනීමට හෝ කඳු නැගීමට ඇතුලූ ත්රස්යජනක අත්දැකීමක් ලබා ගැනීම හෝ රැයක් එළිමහනේ ගත කිරීමට හෝ විනොදයක් ලබා ගැනීම සඳහා ස්ථාන තෝරා ගත හැකිවෙනවා. ඒ අනුව ඒ මාර්ගය ඔස්සේ ලගාවිය හැකි ස්ථානද චාරිකා සඳහා තෝරාගත හැකිය.
චාරිකාවක් යාම සඳහා ප්‍රධානියෙකු එහෙම නැත්තම් නඬේගුරෙකු සිටිය යුතුය. එහෙම නැතුව Trip එකක් සංවිධානය කිරීම අපහසුයි. එහෙම අයෙක් ඕනෙම කණ්ඩායමක ඉන්නවා. ඒ කියන්නේ ඒ වගකීම කැමැත්තෙන් භාර ගන්න කෙනෙක් ඉන්නවා. ඔහු චාරිකාව සංවිධානය කිරීමේ සිට ආපසු පැමිණීම දක්වා කටයුතු කල යුතුයි. හැකිනම් ඔහු විසින් සියලූ දෙනාම මෙහෙයවීම ඉතාමත්ම වැදගත්.
මුලින්ම තෝරාගත යුතු වන්නේ දිනය හා තැනයි. තැන ගැන මුලින් සඳහන් කරපු නිසා දිනය තෝරා ගැනීම ගැන කතා කරමු. බොහෝවිට සති අන්තයක් එහෙම නැත්තම් රජයේ නිවාඩු දිනයක් තමයි trip තෝරාගන්නේ. ඒ වගේම සහබාගි වන අය ගැනත් සැලකිලිමත් විය යුතුයි. මොකද අවසාන මොහොතේ හරි මගහරින කිහිපදෙනෙක් සිටින නිසා ඒ ගැනත් අවධානයෙන් ඉන්න වෙනවා. ඒ වගේම විශේෂයෙන් සඳහන් කළයුතු කරුණ වන්නේ චාරිකාව සංවිධානය කිරීමේදී වැඩි කාලක් සංවිධාන කටයුතු සඳහා තබා නොගත යුතුයි. ඒ සඳහා උපරිමය මාසයක් පමණත් අවමය සති දෙකක් දෙකක් පමණත් තබා ගැනීම වැදගත් වනවා. හැකිනම් චාරිකාව සඳහා වියදම් වන මුදල කලින් උපකල්පනය කර ඔවුන්ට ලබා දිය හැකිනම් ඉතාමත්ම වැදගත් වනවා. ඒවගේම අපි යන්න බලාපොරොත්තු වන වාහනයත් ඉතාමත්ම වැදගත්. යන පිරිසේ ප්‍රමාණය අනුව වාහන තෝරාගත්තොත් හොදයි, ඒක බස් එකක්ද කාර් එකක්ද යතුරුපැදියක්ද යන්න තිරණය කල යුතුයි. ඒ වගේ සමහර ස්ථාන වලට හැම වාහනෙකින්ම යන් බැරි නිසා මේ පිළිබඳවත් සැලකිලිමත් විය යුතුමයි.
ඒ වගේම වඩාත් වැදගත් වන දෙයක් තමයි චාරිකාව සඳහා සහබාගි වන ස්ථානය නිවැරදිව තෝරා ගැනීම සංවිධායක විසින් අවධානය යොමු කල යුතුයි. චාරිකාව පිටත් වන වේලා ඉතාමත්ම වැදගත් වනවා. සාමාන්‍යයෙන් අපේ මිනිස්සු වෙලාවට වැඩ නොකරන නිසා එ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්. එසේම සංවිධායකවරයාට ලැබෙන මුදල් වියදම කරන ආකාරය හා එම මුදල වියදම් වන ආකාරය සංවිධායක විසින් සටහන් තබා ගැනීම ඉතාමත් වැදගත්. අවසානයේදී චාරිකාවෙන් ඉතිරි වන මුදල හෝ චාරිකාව සඳහා වියදම් වන අමතර මුදල පිලිබඳව කලින්ම තිරණය කළ යුතුයි . අවසානයේ අයවැය ඉදිරිපත් කරනු ලබන්නේනම් එය ඉතාමත්ම වැදගත් වන්නේය.
මීලගට ඉතිං වඩාත්ම වැදගත් වන්නේ සංචාරයට එකතු වන සාමාජිකයින් කළයුතු දේයි. එහිදී වඩාත් වැදගත්ම දේ තමයි ඔබ ගෙන යන බෑගයයි. බෑග් එකේ අවශ්‍ය දේ පමණක් තිබීම ඉතාම වැදගත්ම වනවා. මොකද අනවශ්‍ය දේවල් උස්සගෙන යන එක අපරාදේනේ. ඒ නිසා ඒ බෑග් එක අවශ්‍ය ඇදුම් සහ අත්‍යවශ්‍යම දෙයින් පුරවාගත යුතුමයි. ඒ වගේම යන දින ගණන අනුව ගෙනියන බඩු ප්‍රමාණය ඉතාමත්ම වැදගත් වනවා. මීට අමතරව බෑග් එකේ අනිවාර්යේන්ම තිබියයුතු දේවල් බොහොමයි තියෙනවා. අනතුරක් සිදුවුවහොත් ඊට ප්‍රථමාධාරයක් හිසකැක්කුමක් වුවවහොත් එයටද බෙහොත් තිබියයුතුමයි. ඒ වගේම දින කිහිපයක් ඉන්නනවානම් මුහුණ සොදන්නට නාන්නට අවශ්‍ය දේවල තිබියයුතුයි. ඇදුම් ගැන සඳහන් කරනවා නම් සැම විටම සැහැල්ලූ ඇඳුම් රැගෙන යායුතුයි. ඒ වගේ සීත ප්‍රදේශයකට යනවා නම් ඊට ගැලපෙන ඇදුම් රැගෙන යායුතුමයි.
වැදගත්ම දේ තමයි කැමරාවක් අරන් යන්න අමතක කරන්න එපා. හැමොටම ෆොන් තියෙන නිසා දැං කැමරාවක් තියනවනේ හැමෝ ලගම. ඒත් ඔබ විනෝදයට ඡායාරූපකරණය කරනවා නම් කැමරාව ඉතාමත් වැදගත් වනවා.
චාරිකාවක් යනකෙට ඉතිං තවත් අවධානය යොමු කල යුතු දෙයක් තමයි කෑම. කෑම වැරදි විදියට භාවිත කලොත්නම් නම් ඉතිං මුලූ trip එකම ඉවරයි. ඒ නිසා ගෙදරින් ගෙන යන කෑම භාවිත කරන්නේ නම් වැඩිය හොඳයි. ඒ වැඬේ සමහර වෙලාවට ප්‍රයෝගිකව කරන්න බෑනේ. ඒ නිසා හොඳ කඩ තෝරාගන්නම ඕනේ. හොද කඩ කියන්නේ ගණන් වැඩිම කඩ නම් නෙමෙයි. ගණන් අඩුවට හොදට කන්න තියෙන පොඩි කඩ ඕනේ තරම තියෙනවා. පිරිසිදුවට කෑම කඩයක් හොයාගෙන කෑවම හරි.
ඊලග වැදගත්ම දේ තමයි චාරිකා කරන ස්ථාන වලට නොගැලපෙන විදියයට නොහැසිරීම. ඒ කියන්නේ විනෝද වෙන්න එපා කියන එක නම් නෙමෙයි. ඒ ඒ ස්ථානවල සදහන් කරල තියෙන උපදෙස් පිලිපැද්දම හොදටම ඇති. ගිය තැන අනිත් අයටත් බලන් ඉතිරි කරල එනව කියල හිතාගෙන ගියාමත් වැරදි දේවල් කරන කෙනෙකේ දැක්කොත් එකට විරුද්ධ වෙන එකත් ඔබේ වගකීමක්.
තව දෙයක් (එක් නම් මතක් කරන්න උවමනාවකුත් නෑ) සංගීත භාණ්ඩ. Trip එකක් ලස්සන වෙන්නෙ එහෙම කියල ගියොත් තමයි. ඒ දේ නම් අමතක කරන්නම එපා. මේ කරුණ ගැන අවධානය යොමුකරල ඉතාමත් හොදින් චාරිකාව සංවිධානය කරගෙන ඔබ ඇතුලූ නඬේට යන්න පුලූවන්. අවසානයේදී කියන්න තියෙන්නේ ඉතිං පරිස්සමින් දෙවියන්ගේ පිහිටින් ගිහින් එන්න කියල තමයි.
Comments