මන්නාරම යන්න හොඳම විදිය ගැන අද කතා කරන්නේ.
සිහිනයක් සැබැ වන්න මෙන්ම වියැකි යන්නත් පුලූවන්. ඒත් මන්නාරමට යන ගමන නම් සිහිනයක් තමයි. ඒ ගමන සිහිනයක් වන්න නම් ඒ ගමනට ඔබගේ ගමන් සගයා බවට මොටර් බයිසිකලය තොරගත්තෙත් විතරයි. ඔබගේ ගමනාරම්භය කොළඹ නම් මා කියන මාර්ගය ඔබ භාවිත කරන්නේනම් ඔබට එය අශ්වාදජනක ගමනක් වනු ඇත. ඒ කියන්නේ මිගමුව හලාවත ඔස්සේ පුත්තලමට පැමිණ එයින් අනුරාධපුර පාරේ ඔයාමඩුවෙන් හැරී මැදවච්චිය මන්නාරම පාරට පිවිස යන්නට පුලූවන් නම් තමයි මම කිව්ව අශ්වාදය විඳන්න පුලූවන්. මන්නාරමින් වෙරළ පැත්තෙන් යනාන් පාරක් තියෙනවා. අනික් පාර තමයි විල්පත්තුව මැදින යන පාර. ඒ පාරනම් යන්න අමාරුයි. ඒ නිසා ඒ පාර නම් මගහැරියොත් හොදයි. මම කියන මාර්ග ඔස්සේ ගියොත් තන්තිරිමලේ පුදබිමටත් යන්න පුලූවන්. ඒ නිසා ඒ පාර ඉතාමත් හොඳයි. අනිත් දේ තමයි වාහානත් අඩුයි. මේ විදයට යන්න නම් දවසක්ම ගතවනවා. මොකද බයිසිකලේ එක දිගට යන්න අමාරුයිනෙ.
මේ ගමන ආරම්භය කොළඹ උනොත් මම කියන්න යන්නේ මන්නාරම පාරේ ඉදල ඉස්සරහට යනකොට හම්බවෙන අමුතුම ස්ථානයක් ගැනයි. ඒ තමයි එක පාරටම පාර විතරක් වෙලා දෙපැත්තම මුහුද තියෙන හරිය. ඒක ගුගල් මැප් එකේ බැලූවම හොදටම තේරෙයි. අපේ ගමනට ගතවන කාලයත් එක්ක ඒ වෙනකොට හවස් වෙලා තියෙවි. රන්වන් පාටින් පරිසරය දිලිසෙන නිසා අපේ සිහිනය වර්ණවත් කරන තැනක් තමයි මන්නාරමේ සිට තෙලෙයි මන්නාරමට යන පාර දෙපැත්තෙන්ම තියෙන්නේ මුහුද. මුහුද කිව්වට කලපුවක් තමයි තියෙන්නේ. ඒ සුලගේ අශ්වාදය විඳගෙන ඉතා සැහැල්ලූවෙන් ගමන් විඩාවත් නිවාගෙන මේ ගමන යන්න පුලූවන්. ඊට පස්සේ ඉතිං නවාතැන්පලක සොයාගන්න වෙනවා. ඒ සඳහා නවාතැන්පලවල් කිහිපයක්ම තිබෙනවා. ඔබ මුදලට ගැලපෙන තැනක් තොරා ගැනීම තමයි වැදගත්.
පහුවදා දින උදැසනින්ම නැගිට්ටොත් ඔබට ඉතාමත්ම වැදගත් ස්ථාන කිහිපයක්ම දැකබලා ගන්න මන්නාරමේ අසිරිමත් බවත් දැකගන්නත් පුලූවන්. උදේ පාන්දරින්ම පෙසාලේ වෙරළ තීරයට යන්න සැලසුම් කර ගන්න. පේසාලේ පිහිටල තියෙන්නේ මන්නාරම නගරයේ සිට 17 km විතර දුරින්. පේසාලේ ප්රසිද්ධ ඉතිං කරවල වලටනේ. ඒත් පේසලේ සංචාරයට වැදගත් වන්නේ එහි වෙළෙර තිරයයි. ඉතාම ලස්සන වෙරළ තීරයක්. උදේ පාන්දරම හිරු උදාව මෙහෙ ඉදල බලන්න නම් අමතක කරන්නම එපා. ඒ වගේම කරවල වාඩි බලන්නත් අමතක කරන්න එපා. ඔතන ඉදල ඉලගට අපිට මන්නරම් තොටට යන්න පුලූවන්. මන්නරම් තොට කියන්නේ ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන ලගම දුර ස්ථානය. රාත්රි කාලයේ මේ ස්ථානයට අවොත් ඉන්දියාවේ රාමේශ්වරම් වල තියෙන ලයිට් පවා දැකගන්න පුලූවන්. පේසාලේ ඉදල මන්නාරම්තොටට 12 km විතර තියෙනවා. එතන විශේෂතා කිහිපයක්ම දැකබලා ගන්න පුලුවන්.
කලින් කිව්ව වගේ ලංකාව හා ඉන්දියාව අතර අඩුම දුර තියෙන නොගැඹුරු මුහුදු තිරයක් තමයි මෙතන. එහි තියෙන විශේෂත්වයක් තමයි මෙහි තිබෙන ප්රදීපාගාරය.ඒ වගේම තෙලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ අවසානය. උදේ වරුවෙ ඔබ යනවා නම් ඉතාමත් ලස්ස දර්ශනයක් තමයි දිස් වෙන්නේ. මේ ස්ථානය ලංකාවේ තුන්පැත්තක් එකම ස්ථානයකින් බලන්න පුලූවන් ලංකාවේ තියෙන අතලොස්සක් තැන් වලින් එකක්. මේ අවටින්ම ආදම්ගේ සොහොනත් සොයා ගන්න පුලූවන්. අවාසානාව කියන්නේ මට නම් ඒ තැන සොයා ගන්න පුලූවන් උනේ නැහැ. එත් ඔබ උත්සාහය අතහරින්න නම් එපා. මන්නාරමට ඉතාමත් අධික හිරු රශ්මියක් වැවෙන තැනක් නිසා දහවල් කාලයේ ගමන් කිරීම ඉතා කටුක වෙනවා. ඒ නිසා දහවල් කාලය සංචාරය සඳහා ඉතාමත්ම අපහසුයි. හොදම දේ තමයි ඒ කාලය ගිමන්හරින එක.
නැවත සවස 3ට විතර සංචාරය පටන් ගන්න පුලූවන්. මන්නාරම නගර ආසන්නයේ තිබෙන බයොබැබ් ගස සහ මන්නාරම් කොටුව නරඹන්න පුලූවන්. මේ බයෝබැබ් ගස තමයි ලංකාවේ තිබෙන වට ප්රමාණයෙන් වැඩිම ගස. ඒ වගේ මෙම ගස ඉතා පැරණි එකක්. මෙය අරාබි වෙලදුන් විසින් ගෙනැවිත් රොපණය කරල තියෙනවා.මේ ගහට අලි ගස කියලත් කියනවා. මෙහි වට ප්රමාණය අඩි වලින් කියනවා නම් උස අඩි 7.5 ක් වෙනවා. වට ප්රමාණය අඩි 19.5 ක් පමණ වෙනවා.
ඔතැනින් පිටත් උනාම අපිට නගරයේම මන්නාම් කොටුව වෙත යන්න පුලූවන්. මන්නාරම් කොටුවේ විශේෂත්ව වන්නේ මෙම බලකොටෙුව ඉදිකරල තිනේනේ 1560 වර්ෂයේදි පෘතුගිසින් වීමයි. මෙම බලකොටුව ඉදිකිරිමේදී ග්රැනයිඞ් පාෂාණ යොදාගෙන තිබෙනවා. මේ වන විට මේ භුමිය සංරක්ෂිත තත්වයේ තිබෙන ගොඩනැගිලි වලින් යුක්තය. යුද්ධය පැවති සමයේ මෙම ගොඩනැගිලි වල වහල එල්ටීටීඊය විසින් ගලවාගෙන ගොස් තිබෙනවා. එහෙත් තවමත් මෙම ස්ථානය අලංකාරයෙන් නම් අඩුවක් නැ.
මේ ටික බලල ඉවර වෙන කොට ගොඩක් මහන්සි නිස නාගත්තොත් කොහොමද. ඒ සඳහා අතිශයින්ම සුන්දර ස්ථානයක් මන්නාරමේ තියෙනවා. ඒ තමයි කියරි වෙරළ තිරය. ඉතා නොගැඹුරු පිරිසිදු වෙරළක් තමයි කියර වෙරළ. මන්නාරම නගරයේ සිට 5km විතර ඇතින් තමයි තියෙන්නේ. ගුගල් මැප් එකෙන් ලෙසියෙන්ම සොයා ගන්න පුලූවන්. හිතේ හැටියට විනෝද වෙලා නාගන්න පුලූවන්. ඒ වගේම මේ වෙරළ නාන එක හරිම ආරක්ෂිතයි. මේ වැඩ ටික ඉවර උනාම ඉතිං රැ වෙලා තියෙවි. ඔබට මන්නාරම නගරයේ රවුමක් එහෙම ගහල කරවල ටිකක් එහෙම ගන්න පුලවන්. ඊට පස්සේ ඉතිං සුවදායි නින්දක් විඳල උදේ පාන්දරින්ම ආපසු එන්න පිටත් වෙන්න පුලූවන්. පරිස්මින් යන්න පුලූවන් නම් අපුරු ගමනක්.
Comments